
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය ගෝලීය පාරිභෝගික ව්‍යාපාර සහ ෆොන්ටෙරා ඕෂනියා සහ ෆොන්ටෙරා ශ්‍රී ලංකා යන ඒකාබද්ධ ව්‍යාපාරවලින් සමහරක් හෝ සියල්ල ඉවත් කිරීමට ෆොන්ටෙරා සමූහය විසින් විකල්ප සළකා බලමින් සිටින බව වාර්තා වේ.
ෆොන්ටෙරා හි සභාපති පීටර් මැක්බ්‍රයිඩ් පැවසුවේ, සමාගම උපාය මාර්ගික සමාලෝචනයක් සිදු කර ඇති අතර, එය සමාගමේ ප්‍රධාන ව්‍යාපාරයේ කාර්යභාරය ශක්තිමත් කර ඇති බවයි.
එමගින් ගොවි කොටස් හිමියන්ට සහ ඒකක හිමියන්ට ශක්තිමත් ප්රතිලාභ ලබාදීම සඳහා තිරසාර කිරි සැපයුමක් එකතු කිරීමට සහ පාරිභෝගිකයන් අගය කරන නිෂ්පාදන කාර්යක්ෂමව නිෂ්පාදනය කිරීමට ගොවීන් සමඟ එක්ව කටයුතු කරන බව ද මැක්බ්‍රයිඩ් පවසයි.
සැලසුම්ගත බෙදා හැරීමත් සමඟ, සමුහය B2B කිරි පෝෂණ සැපයුම්කරුවකු වීම කෙරෙහි අවධානය යොමු කිරීමට අදහස් කර ඇත්තේ එහි අමුද්‍රව්‍ය සහ ආහාර සේවා සඳහා ප්‍රමුඛත්වය ලබා දෙමිනි.
“මේවා ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීමේ සහ වැඩි හැකියාවක් සහිත විශිෂ්ට ව්‍යාපාර වන අතර, කිරි එකතු කිරීම, සැකසීම සහ විකිණීම යන ෆොන්ටෙරා හි මූලික කාර්යය ඉටු කිරීමට මෙම ව්‍යාපාරවල හිමිකාරිත්වය අවශ්‍ය නොවේ” යනුවෙන් ෆොන්ටෙරා හි ප්‍රධාන විධායක නිලධාරී මයිල්ස් හරල් පවසයි.
“අපගේ සමුපකාර ව්‍යුහය හේතුවෙන්, අපගේ අමුද්‍රව්‍ය සහ ආහාර සේවාවලට ප්‍රමුඛත්වය දීම සහ අපගේ පාරිභෝගික සහ ආශ්රිත ව්‍යාපාරවල ප්රාග්ධනය මුදා හැරීම වැඩි වටිනාකමක් ජනනය කරනු ඇතැයි අපි විශ්වාස කරමු.” යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර තිබේ.
ෆොන්ටෙරා විසින් බෙදාහැරීමේ විකල්පයන් තක්සේරු කිරීම සඳහා උපදේශකයන් පත් කරනු ඇත.
සමුපකාරය සිය මූල්‍ය ඉලක්ක ද ඉවත් කර ගෙන ඇති අතර අගෝස්තු 13 දක්වා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වූ එහි වෙළඳපොළ කොටස් මිලදී ගැනීමේ වැඩසටහන අවසන් කිරීමට තීරණය කර ඇත.
දිශාව වෙනස් වීමත් සමඟ ෆොන්ටෙරා ගෝලීය වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී ජුඩිත් ස්වේල්ස් ජූලි 1 වැනිදා සිට සමුපකාරයෙන් ඉවත් වීමට තීරණය කර ඇත.
“ජුඩිත් සැමවිටම පාරිභෝගිකයාගේ හඬ වෙනුවෙන් ප්රබලව පෙනී සිටින්නියක් වූ අතර ඇයගේ කැපවීම අපගේ පාරිභෝගික ව්‍යාපාරය අනාගත සාර්ථකත්වය සඳහා හේතු වුණා ” යනුවෙන් මයිල්ස් හරල් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart