
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මත කල්මුණේ අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වේ.
මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ සහ හිටපු ඇමැති දිවංගත එම්.එච්.එම්. අෂ්රෆ් මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් දැඩි කැපවීමෙන් සේවය කළ කීර්තිමත් දේශපාලනඥයෙකි.
ඔහුගේ දායකත්වය අගයමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ“අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” පිහිටුවීමට උපදෙස් දී ඇත.
අෂ්රෆ්ගේ 24 වැනි ගුණ සමරුව නිමිත්තෙන් දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස් ඇතුළු මුස්ලිම් ප්‍රජාවගේ ප්‍රධානත්වයෙන් අෂ්රෆ්ගේ උපන් ගම වන කල්මුණේ හි මෙම අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමට සැලසුම් කර ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 25ක් වෙන් කර ඇති අතර, කඩිනමින් ඉදිකිරීම් ආරම්භ කරන ලෙස ජනාධිපති වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
දිවංගත එම්.එච්.එම්. අෂ්රෆ් දක්ෂ නීතීඥයකු සහ නීති සම්පාදකයකු පමණක් නොව නැගෙනහිර පළාතේ මුස්ලිම් ජනතාව වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ ගෞරවනීය දේශපාලකයකු ද විය.
සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රජාවන් ඇතුළු සියලු ජනවර්ගවලට අයත් ජනතාවගෙන් ඔහුට මහත් ගෞරවයක් හිමි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart