
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරඟය අතරතුරේ හසිදු වූ මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 16 හැවිරිදි දැරියක මියගිය බව දියතලාව පොලිසිය පවසයි .
දියතලාව ගල්ඒදණ්ඩ හෙලගෙදර ප්‍රදේශයේ පදිංචිව සිටි ඩබ්ලිව් .පී. සත්සරණී චාමින්දි(16) නමැති මෙම දැරිය මෙසේ මියගිය බවද පොලිසිය කීය .
ඒ අනුව දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග මාරක අනතුරින් මියගිය ගණන අට දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සහ දියතලාව යුදහමුදා විද්‍යා පීඨය මගින් සංවිධානය කළ මෙම ෆොක්ස්හිල් මෝටර්රථ, යතුරුපැදි ධාවන තරග දියතලාව ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන පථයෙදී ඉකුත් අප්‍රේල් මස 21 වනදින පැවත්විණි.
එහිදී ෆෝඩ් ලේසර් මැස්ඩා එන්ජින් ධාරිතාව 1500 සිසි මෝටර් රථ කාණ්ඩයේ තරගයේදී තරගවැදුණු මෝටර් රථ දෙකක් එකිනෙක ගැටි එක මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන නරඹන්නන් රැදී සිටි ඉසව්වට කඩාවැදීමෙන් මෙම මාරක මෝටර් රථ අනතුර සිදුවිය.
එම අනතුරින් එදින අවුරුදු 8 ක් වයසැති සිගිති දැරියක ඇතුලු හත්දෙනෙක් මියගොස් 21 දෙනෙක් තුවාල ලැබීය.
මෙම ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය නැරඹීමට ගොස් සිදුවු මාරක මෝටර් රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ වාට්ටු අංක 25 නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ දැරිය මෙසේ මියගිය බවද පොලිසිය සදහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart