
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන අනුරාධපුර සහිරා විද්‍යාලයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පසු සිසුවකුගේ මවක, විභාග මධ්‍යස්ථානයට කඩාවැදී සිසුන් පිරිසකට පහරදීමට යාමේදී, ඊයේ (14) එහි දැඩි නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය.
එහිදී විද්‍යාලයේ කාර්යාල දේපළවලට ද හානි සිදුව සිසුන් කිහිපදෙනකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
අනුරාධපුර දුර බැහැර ප්‍රදේශයක් වන ගම්බිරිගස්වැව මනාර්ලුලුම් මුස්ලිම් මහා විද්‍යාලයේ සිසු සිසුවියන් කණ්ඩායමක් ද, මෙම පාසලේ විභාග මධ්‍යස්ථානයට අනුයුක්ත කර සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිටින බවත්, අනුරාධපුර සහිරා මුස්ලිම් විද්‍යාලයේ සහ ගම්බිරිගස්වැව විද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම හටගෙන ඇති බවත් පොලිසිය කියයි.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූ දා සිට මේ දක්වා දෙපිරිස අතර නිරන්තරයෙන් බහින් බස්වීම් සිදුව ඇති අතර පෙරේදා 13 උදෑසන, මෙම ගැටුම හටගත් අවස්ථාවේදී එය ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගොස් ඇතැයි පොලිසිය පවසයි.
එම අවස්ථාවේ දී පාසල් භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී ඇති එක් සිසුවකුගේ මවක සිසුන් කිහිපදෙනකුට පහරදීමට ගොස් එක සිසුවකුගේ බෙල්ලෙන් අල්ලා පරුෂ වචනයෙන් බැන කලහකාරී ලෙස හැසිරී ඇති බව මවුපියෝ පිරිසක් පැවැසූහ.
මේ අතර මෙම ගැටුම දුරදිග යෑමෙන් සහිරා මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති කාර්යාලයේ ජනෙල් කිහිපයකට පහරදී වීදුරු කඩාදැමීම හේතුවෙන් දැඩි හානි සිදුව ඇතැයි පොලිසිය කියයි.
විභාගයට අදාළව පෙරේදා උදෑසන පැවැති එක් ප්‍රශ්න පත්‍රයකට මුහුණදීමෙන් අනතුරුව සිසු සිසුවියන් පිරිසක්, විවේක කාලයේදී ආරක්ෂාව පතා සහ පැමිණිලි කිරිමට අනුරාධපුර මූලස්ථාන පොලිසියට දිව යන ආකාරය ද මෙහිදී දැකගත හැකි විය.
ගුටිබැට හුවමාරුව හේතුවෙන් පාසල් සිසුන් කිහිපදෙනකුට සුළු තුවාල සිදුව ඇති අතර ගැටුමට මුල් වූ බව කියන, සිසුවෙක් තදබල ලෙස පහර කෑමට ලක්ව විභාගය අවසානයේදී ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන යනු ලැබීය.
ගැටුම සම්බන්ධ පුවත පැතිර යෑමත් සමග විභාගය අවසානයේ දී යළිත් ගැටුම්කාරී තත්වයක් ඇතිවේ යැයි බියෙන් සිසු දරු දැරියන් බොහෝ පිරිසකගේ මවුපියෝ ඥාති පිරිස්, සහිරා විද්‍යාල ඉදිරිපිටට රැස්ව සිටියහ.
විභාගය අවසාන වූ අවස්ථාවේ දී එම ස්ථානයට පැමිණි පළාත් අධ්‍යාපන බලධාරියකු, මවුපියන් සහ දරු දැරියන් එක් ස්ථානයකට කැඳවා කියාසිටියේ, වසර 11 ක් පාසල් අධ්‍යාපනය හදාරා මේ ආකාරයට හැසිරීම කිසිසේත් අනුමත නොකරන බවය.
ඊට මවුපියන් ද වගකිවයුතු බව ඔහු පැවැසීය.
තව දින දෙකක් සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන බවත් එම දින දෙක තුළ දී මේ ආකාරයෙන් කලහකාරී සිදුවීමක් ඇති කර ගතහොත් ඒ සම්බන්ධයෙන් ඉහළ අධ්‍යාපන බලධාරීන් දැනුවත් කර නීති මගින් කටයුතු කරන බවත් හෙතෙම කීය.
එසේ වුවහොත් එම සිසුන්ගේ සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට පවා එය බාධාවක් විය හැකි බව එම නිලධාරියා පෙන්වා දුන්නේය.
මෙ අතර ගැටුමට මැදිහත් වූ පාසල් සිසුවාගේ මව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව දරුවාගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් සලකා බලා, පොලිස් ඇප මත මුදාහැරි බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart