
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර් නිලධාරීන් 15 දෙනකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවේ නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයේ දින හතරක පුහුණු වැඩසටහනක් සම්පූර්ණ කර ඇත.
“දැනුම ප්‍රවර්ධනය කිරීම” සහ “අන්තර්ජාතික අධිකරණ ආයතන සමඟ සහයෝගීතාවය වර්ධනය කිරීම” සඳහා වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ පුහුණු මධ්‍යස්ථානය විසින් මෙහෙයවන ලද එම වැඩසටහන සඳහා ඉන්දියාවේ අගවිනිසුරු ඩී.වයි. චන්ද්‍රචුඩ් මඟපෙන්වීම සහ සහාය ලබා දී ඇත.
මැයි 9 වැනිදා සිට 13 දක්වා පැවති වැඩසටහනේදී, ඊ-උසාවි ව්‍යාපෘතිය, පුස්තකාලය සහ ගොනුකිරීම, ලැයිස්තුගත කිරීම, පරීක්ෂා කිරීම, ස්කෑන් කිරීම සහ වාර්තා තබාගැනීම වැනි අධිකරණ ක්‍රියාවලීන් ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තාක්ෂණික හා ඩිජිටල් පරිවර්තනය පිළිබඳ ශ්‍රී ලංකා නියෝජිතයින් සඳහා පුහුණුව ලබා දී තිබේ.
නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරුන් මෙම ක්‍රියාවලි සහ පද්ධති පිළිබඳ මෙරට නියෝජිතයින්ට පැහැදිලි කර ඇත.
මෙම පුහුණු වැඩසටහන ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතාවයක් සහ අධිකරණ විශිෂ්ටත්වය සහ තාක්ෂණික නවෝත්පාදනය සඳහා අන්‍යෝන්‍ය කැපවීම පිළිබඳ සාක්ෂියක් බව නිවේදනයක් නිකුත් කරමින් නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart