
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පලස්තීනයට ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර සමාන කළේ ජර්මානු ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ කුරිරුකම්වලට ය.
පලස්තීනුවන්ගේ අයිතීන් පිළිබඳ අද පැවති පාර්ලිමේන්තු විවාදයකදී ප්‍රේමදාස මන්ත්‍රීවරයා කියාසිටියේ පලස්තීන ජනතාව මේ වන විට දරුණු ත්‍රස්තවාදයකට මුහුණදෙන බවත් ඊශ්‍රායලය හිට්ලර් යුදෙව්වන්ට කළ ම්ලේච්ඡ ක්‍රියා සිහිපත් කරන ක්‍රියාවල නිරත වන බවත්ය.
පලස්තීනය සමග සහයෝගීතාවයෙන් නැගී සිටිමින් ඔහු කියා සිටියේ, මෙම ප්‍රහාර අවසන් කිරීමට කොන්දේසි විරහිත සහයෝගයක් ලබාදිය යුතු බවයි.
ප්‍රේමදාස මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, බොහෝ නායකයන් මෙම යුද්ධයේදී ඔවුන්ගේ ආරම්භක අන්තවාදී ස්ථාවරයේ සිට මැද මාවතකට ගොස් තිරසාර විසඳුමක් සොයමින් සිටින බවත්, ජාතීන් දෙකම මිත්‍රත්වය තුළින් සහයෝගීතාවට උත්සාහ කළ යුතු බවත්ය.
වත්මන් ඊශ්‍රායල රජය පලස්තීන ඉඩම් අත්පත් කර ගැනීමටත්, නව ජනාවාස ඇති කිරීමටත්, ගාසා තීරයේ ජනගහනය විනාශ කිරීමටත් උත්සාහ කරන බවට විපක්ෂ නායකවරයා වැඩිදුරටත් චෝදනා කළේය.
විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මෙම විරෝධය පළකරන ලද්දේ පලස්තීනයට සහයෝගය දක්වන විශේෂ සාටකයකින්ද සැරසී ය.
විදෙස් ජනමාධ්‍යවලට අනුව, පසුගිය වසරේ ඔක්තෝබර් 7 සිට ගාසා තීරයට එල්ලවූ ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයන් 35,173 ක් මියගොස් 79,061 ක් තුවාල ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart