
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලංකා දුම්කොළ සමාගමේ මේ වසරේ පළමු කාර්තුවේ දුම්වැටි අලෙවිය පෙර වසරට වඩා පහත වැටී තිබේ.
බදු ඉහළ දැමීම් සහ ආර්ථික මන්දගාමී තත්ත්වය හේතුවෙන් ආදායම පහත වැටී ඇති බව එම සමාගම කියයි.
2024 පළමු කාර්තුවේ ආදායම පසුගිය වසරේ පැති රුපියල් බිලියන 46.93 සිට රුපියල් බිලියන 45.85 දක්වා පහත වැටී ඇත.
එම කාලයට අදාළ පිරිවැටුම සම්බන්ධ බදු රුපියල් බිලියන 34.2 සිට රුපියල් බිලියන 31.7 දක්වා පහත වැටී තිබේ.
“2024 මාර්තු 31 දිනෙන් අවසන් වූ මාස තුන තුළ සමාගමේ විකුණුම් ප්‍රමාණය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේ දී ප්‍රධාන වශයෙන් රජයේ ආදායම් යෝජනාවලට අනුකූලව බදු මත පදනම් වූ මිල ඉහළ යෑම හේතුවෙන්අඩු විය, ” යනුවෙන් ලංකා දුම්කොළ සමාගමේ අතුරු ගිණුම් වාර්තාව යටතේ කොටස් හිමියන්ට දන්වා තිබේ.
බදු ආදායම 2023 වසරේ සැප්තැම්බර් කාර්තුවට සමාන වූ නමුත් 2023 දෙසැම්බර් කාර්තුවට වඩා තියුණු ලෙස පහත වැටී ඇති අතර එහිදී විකුණුම් ඉහළ යෑමක් දක්නට ලැබී තිබිණි.
බදු වැඩිකිරීම් හේතුවෙන් ජනතාව බීඩිවලට මාරුවීමමෙන්ම දුම්වැටි ජාවාරම් ඉහළ ගොස් ඇති බව ලංකා දුම්කොළ සමාගම පසුගිය කාලයේ පවසා තිබිණි.
වසර ගණනාවක් තිස්සේ සිගරට් සඳහා ඉල්ලුම නොවෙනස් වූ අතර විකුණුම් පහත වැටීම ඉහළ බදු ආදායමකින් ආවරණය වනු ඇතැයි ප්‍රකාශ වී තිබිණි.
කෙසේවෙතත්,සත්‍ය පරිභෝජනයේ වේගවත් පහත වැටීම හෝ වෙනත් නිෂ්පාදන වෙත මාරුවීම හෝ හේතුවෙන් බදු ආදායම වසරකට පෙර සිට පහත වැටී තිබේ.
දුම්වැටි පරිභෝජනය පිළිකා සහ වෙනත් රෝගවලට තුඩු දෙන නමුත් විකල්ප බදු නොගෙවන නිෂ්පාදන වෙත මාරු වුවහොත් අරමුණ ඉටු නොවනු ඇත.
ලංකා දුම්කොළ සමාගම විසින් කාර්තුව සඳහා රුපියල් බිලියන 6.8ක ලාභයක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරේ ලාභය වූ බිලියන 5.999ට වඩා වැඩි විය.
වැටුප් සහ අමුද්‍රව්‍ය පිරිවැය ඉහළ ගියද, ඇතැම් වියදම්වල අඩුවීමක් සිදුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart