
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අසාමාන්‍ය ලෙස ඉහළ යන ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් හමුවේ, උණ, කැස්ස, උගුරේ අමාරුව, නාසයෙන් දියර ගැලීම හෝ හිරවීම, මාංශපේශීවල හෝ සිරුරේ කැක්කුම, හිසරදය සහ තෙහෙට්ටුව වැනි රෝග ලක්‍ෂණවලින් පරිස්සම් වන ලෙස සෞඛ්‍ය විශේෂඥයෝ මහජනතාවගෙන් ඉල්ලා සිටිති.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසන්නේ මෙය ළමුන් අතර බහුලව දක්නට ලැබෙන බැවින් දරුවන් පිළිබඳ දැඩි අවධානයෙන් සිටින ලෙස මව්පියන්ට උපදෙස් දෙන බවයි.
සාමාන්‍යයෙන් නොවැම්බර් සිට පෙබරවාරි දක්වා සහ අප්‍රේල් සිට ජූලි දක්වා ඉන්ෆ්ලුවෙන්සා උච්ච අවස්ථා දෙකක් පවතින බව ඔහු ප්‍රකාශ කළේය.
මෙවර, වැඩිහිටියන් අතර ද රෝගීන්ගේ සැළකිව යුතු ඉහළයෑමක් දකින බවත් පසුගිය සතිය තුළ පමණක් රෝගීන් දෙගුණ වී ඇති බවත් වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
මේ වන විට ප්‍රමුඛව පවතින්නේ ඉන්ෆ්ලුවෙන්සා ඒ වර්ගය වුවද ඉන්ෆ්ලුවෙන්සා බී ද බහුලව පවතින බව ඔහු පෙන්වාදෙයි.
තත්ත්වය අනුව, රෝග ලක්ෂණ දිගටම පැවතුණහොත් කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ වැදගත්කම විශේෂඥයා අවධාරණය කරයි.
ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගවලට ගොදුරු විය හැකි කණ්ඩායම් අතර ගැබිනි මව්වරුන්, අවුරුදු දෙකට අඩු දරුවන්, වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයන් සහ නිදන්ගත රෝග ඇති අය ඇතුළත් වේ.
කොළඹ, රාගම, කළුබෝවිල, මීගමුව රෝහල්, රිජ්වේ ආර්යා ළමා රෝහල සහ බෝවන රෝග රෝහල ඇතුළු රෝහල් 20ක ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝග පිළිබඳ නිරීක්ෂණ කටයුතු වැඩි දියුණු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මීට පෙර ජාතික ඉන්ෆ්ලුවෙන්සා මධ්‍යස්ථානයට උපදෙස් ලබාදී තිබිණි.
ඒ අනුව දෛනිකව ජාතික ඉන්ෆ්ලුවෙන්සා රසායනාගාරය වෙත සාම්පල යොමු කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart