
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සූරියවැව වැවේගම ප්‍රදේශයේදී පෞද්ගලික ආරවුලක් මත පියකු විසින් 11 දින සවස සිදුකළ වෙඩි තැබීමකින් ඔහුගේ 30 හැවිරිදි පුතු තුවාල ලබා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ සූරියවැව, වැවේගම පදිංචි 30 හැවිරිදි දම්මලගේ ඉසුරු මදුෂංක (පුතා) නමැති අයයි.
30 හැවිරිදි පුතු හා ඔහුගේ පියා අතර කලක සිට පැවති ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වි ඇත.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුතු වැවේගම සිය නිවස අසල පිහිටි වගා භූමියේ සිටියදී බීමත්ව එම ස්ථානයට පැමිණ ඇති පියා විසින් මෙරට නිෂ්පාදිත කොටන තුවක්කුවකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 30 හැවිරිදි පුතු ප්‍රදේශවාසීන් එක්ව ප්‍රතිකාර සඳහා සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇත.
වෙඩි තැබීම සිදුකළ පියා මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart