
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වේල්සයේ කුමරිය ලෙස නම් දරන කේට් මිඩ්ල්ටන් සම්බන්ධයෙන් මේදිනවල ලොව පුරා පවතින්නේ දැඩි කතාබහකි.
ඊට හේතුව වන්නේ ඉකුත් දෙසැම්බර් මාසයේ සිට ඇය අතුරුදන්ව සිටීමයි.
දීර්ඝ නිහැඩියාවකින් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය ඊයේ වීඩියෝවක් නිකුත් කරමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.
එමගින් ඇය පවසන්නේ තමන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බවත් ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්නා බවයි.
තමන් ගෙවා දමමින් සිටින්නේ ඇදහිය නොහැකි තරම් දුෂ්කර මාස දෙකක් බවත් එය තමන්ට විශාල කම්පනයක් වූ බවත් කේට් මිඩ්ල්ටන් එම වීඩියෝවෙන් පවසයි.
එමෙන්ම තමන් දිනෙන් දින ශක්තිමත් වෙමින් සුවය ලබමින් සිටින බවද ඇය එම වීඩියෝ පණිවිඩයෙන් පවසා සිටී.
තමන් පසුගිය ජනවාරි මාසයේදී උදරයේ සැත්කමකට මුහුණ දෙන විට පිළිකා තත්ත්වයක් ඇති බවට නොදැන සිටි බව ඇය මෙහිදී සඳහන් කර ඇත.
එම ශල්‍යකර්මයෙන් පසු සිදුකළ පරීක්ෂණ වලින් අනතුරුව තමන්ට පිළිකා තත්ත්වයක් හඳුනාගත් බවත් වෛද්‍ය උපදෙස් මත තමන් මේ වන කිමියෝතෙරපි ප්‍රතිකාර ලබාගන්නා බවද වේල්සයේ කුමරිය පවසයි.
බ්‍රිතාන්‍යයේ තුන්වන චාර්ල්ස් රජුට ද පිළිකාවක් ඇති බවට මීට පෙර හඳුනා ගන්නා ලදී.
බකිංහැම් මාලිගාව ඒ පිළිබඳව නිල නිවේදනයක් මගින් ලොවට දන්වා තිබිණි.
පහතින් දැක්වෙන්නේ කේට් සිය සමාජ මාධ්‍ය ගිණුම හරහා මුදාහැර ඇති වීඩියෝවයි.
A message from Catherine, The Princess of Wales pic.twitter.com/5LQT1qGarK
— The Prince and Princess of Wales (@KensingtonRoyal) March 22, 2024
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart