January 13, 2024

ඊයේ දිනයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් රැඳවියන් 62 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

ඊයේ පස්වරුවේ ඇතිවූ එම ගැටුම හේතුවෙන් ප්‍රතිකාර සඳහා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ඇති රැඳවියන් සංඛ්‍යාව 24 කි.

ගැටුමින් රැඳවියන් 28 දෙනෙකු පළාගොස් ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික මේජර් ‍ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි පවසයි.

ආහාර පෝලිමේදී ඇතිවූ සිදුවීමක් දුරදිග ගොස් මෙම ගැටුම නිර්මාණයවී ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.