
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඔහුගේ සහකාරිය විශේෂ ජෙට් යානයක නැගී සිටින අයුරු දැක්වෙන සමාජ මාධ්‍යවල සංසරණය වන ඡායාරූපය පිළිබඳ තොරතුරු අනාවරණය වේ.
ජෙනරාල් සිල්වාට දිල්ලි සිට ඉන්දියාවේ ඩෙහ්රාඩුන් දක්වා ගමන් කිරීම සඳහා ඉන්දීය ගුවන් හමුදාව පහසුකම් සලසා දී ඇතැයි පැවැසේ.
මෙම සංචාරය ඉන්දීය හමුදා ඇකඩමියේ (IMA) විසිර යාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීමට අදාළව සිදුවූවකි.
ඔහුගේ දිල්ලි නිල සංචාරයේදී ජෙනරාල් සිල්වාට විශේෂ වරප්‍රසාදය ලබාදීමට කටයුතු කර ඇත.
ඔහු දිල්ලියට පැමිණි පසු ජෙට් යානයකින් ඩේරාඩුන් වෙත යෑමට පහසුකම් සලසා තිබුණු බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ප්‍රභූවරුන් සඳහා වන සම්මත ප්‍රොටෝකෝලයට අනුව ඉන්දියානු ගුවන් හමුදාව ජෙනරාල් සිල්වාට විසිරයෑමේ පෙළපාළියට සහභාගී වීමට, ඔහුගේ ගමන සඳහා ජෙට් යානයක් ලබාදී ඇත.
ඉන්දියානු හමුදා ඇකඩමිය ඉන්දීය හමුදාවට දක්ෂ හා දේශප්‍රේමී නිලධාරීන් සැළකිව යුතු සංඛ්‍යාවක් බිහිකිරීම සඳහා ප්‍රසිද්ධියට පත්ව ඇත.(Daily Mirror)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart