December 13, 2023

එළඹෙන උත්සව සමයට පෙර දේශීය වෙළඳපොළේ භාණ්ඩ රැසක මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති බව දැකගත හැකිය.

ඒ අනුව බිත්තර, කුකුල් මස් සහ ළූණු මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ.

බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවා තිබියදීත්, මේ වන විට දේශීය වෙළෙඳපොළේ බිත්තර රුපියල් 55ත් 65ත් අතර මිලකට අලෙවි වන බව වාර්තා වේ.

මේ අතර, කුකුළු මස් මිලෙහි ද සීග්‍ර වැඩිවීමක් වාර්තා වූ අතර, ඉදිරියේදී තවත් මිල ඉහළ යෑමක් සිදුවිය හැකි බව වෙළෙන්දෝ ප්‍රකාශ කරති.

මේ වනවිට දේශීය වෙළෙඳපොළේ ලොකු ළූණු කිලෝග්‍රෑමයක් රුපියල් 440කට මෙන්ම දෙහි සහ තක්කාලි කිලෝග්‍රෑමයක මිල රුපියල් 1000 ඉක්මවා අලෙවි වන බව වැඩිදුරටත් වාර්තා වේ.

එසේම බොහෝ එළවළුවල කිලෝවක මිල ගණන්ද රුපියල් 500 ඉක්මවා ගොස් ඇති බව දැකගත හැකිය.