
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අලිමංකඩවල් ආශ්‍රිත හෝටල් සහ අනෙකුත් ඉදිකිරීම් වෙනත් ස්ථානයකට ගෙනයෑමට පරිසරය පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කමිටුවේ වාර්තාවක් මගින් යෝජනා කර ඇති බැවින් ඒ පිළිබඳ විවාදයක් පැවැත්වීමට වනජීවී හා වාරිමාර්ග ඇමැති පවිත්‍රා වන්නිආරච්චි අද යෝජනාවක් ඉදිරිපත් කළාය.
“මම ඉදිරිපත් කරන වාර්තාවෙන් අලිමංකඩවල් අසල හෝටල් සහ අනෙකුත් ඉදිකිරීම් වෙනත් ස්ථානයකට ගෙනයෑමට යෝජනා කර තිබෙනවා. ඒ වගේම හෝටල්වලින් සහ අනෙකුත් ඉදිකිරීම්වලින් ගාස්තුවක් අය කරන්න අපි යෝජනා කරලා තියෙනවා.” යැයි එම කමිටුවේ සභාපති අජිත් මාන්නපෙරුම මන්ත්‍රීවරයා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී මාන්නපෙරුම එම වාර්තාව උපුටා දක්වමින් කියාසිටියේ, මේ වසරේ ඔක්තෝබර් 30 වැනිදා දක්වා අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි ඇතුන් 367ක් සහ පුද්ගලයන් 167ක් පමණ මියගොස් ඇති බවයි.
අලි ඇතුන් වැඩි වශයෙන් වගාවන් සහ නිවෙස්වල ඇති භෝග ගබඩා විනාශ කරන බවත් එම වාර්තාවෙන් අනාවරණ වී තිබේ.
අලි ගැවසීම වැළැක්වීම සඳහා ඉදිකර ඇති ඇතැම් විදුලි වැටවල් වනාන්තර මධ්‍යයේ ඇති බවද අනාවරණය වී ඇත.
ඊට ප‍්‍රතිචාර දැක්වූ ඇමැති වන්නිආරච්චි කියා සිටියේ කැලෑව මැදින් කිසිවිටෙක විදුලි වැටවල් ඉදිකර නොමැති බවයි.
එමෙන්ම විදුලි වැටවල් ඉදිකිරීමේ කාර්යය පෞද්ගලික අංශයට පවරා ඇති බවට එල්ලවන චෝදනාවද ඇය ප්‍රතික්ෂේප කළාය.
“විදුලි වැටවල් දානකොට ගස් කපන්න වෙනවා. මම යෝජනා කරනවා අලි මිනිස් ගැටුම ගැන පාර්ලිමේන්තුව විවාදයට ගන්න කියලා” යැයි ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart