
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) වැදගත් ලිපි ලේඛන කිහිපයක් විනාශ වී ඇතැයි රජයේ ඖෂධවේදීන්ගේ සංගමය චෝදනා කරයි.
එහි සභාපති තුෂාර රණදේව ‘ඩේලි මිරර්’ වෙත පවසා ඇත්තේ, මෙම ලේඛන විනාශ කිරීමට NMRA ප්රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකර මැදිහත් වී ඇති බවයි.
“ප්රධාන විධායක නිලධාරියා ඖෂධ නියාමන අධිකාරිය සතු ඇතැම් ලිපිගොනු අතුරුදන් කරමින් සිටිනවා. ඊයේ (01) රාත්රියේ ප්රධාන විධායක නිලධාරීවරයා ඖෂධ නියාමන අධිකාරියේ පරිශ්රයට ගිහින් කඩදාසි කටර් භාවිතයෙන් ලිපිගොනු කිහිපයක් විනාශ කරලා. මේ ලිපිගොනු බෑග්වලට දාලා තියෙන්නේ” යැයි තුෂාර රණදේව හෙළිකර ඇත.
මේ අතර, වාර්තා අනාවරණය කර ඇත්තේ, අදාළ ප්රධාන විධායක නිලධාරියාට තනතුරින් ඉවත් වන ලෙස දන්වා ඇති බවයි.
එහෙත් ඔහු එසේ කිරීම ප්රතික්ෂේප කර ඇති බව දැනගන්නට ඇත.
එහි හිටපු සභාපති සහ වත්මන් ප්රධාන විධායක නිලධාරී විජිත් ගුණසේකරගේ ප්රධානත්වයෙන් යුත් ජාතික ඖෂධ නියාමන අධිකාරියට පසුගිය කාලය තුළ ප්රමිතියෙන් බාල ඖෂධ රටට ගලා ඒම සම්බන්ධයෙන් චෝදනා රැසකට මුහුණදීමට සිදුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart