
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය ණය සහනාධාර යටතේ ඉන්ධන ආනයනය කිරීමට ගත් ණය පියවීම සඳහා රුපියල් කෝටි විසිතුන්දහස් එකසිය පනහක ( 23,150) ප්‍රතිපාදන අනුමත කිරීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇති බව “ලංකාදීප” වාර්තා කරයි.
එම වාර්තාවට අනුව මෙම පරිපූරක ඇස්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත
එම ඇස්තමේන්තුවට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය ලැබී ඇත.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 31 වැනිදා රැස්විය.
පරිපූරක ඇස්තමේන්තුවට අනුමැතිය හිමි වූයේ එම රැස්වීමේදීය.
මේ අනුව මෙම මුදල් ලංකා ඛනිජ තෙල් සංස්ථාව මහා භාණ්ඩාගාරයෙන් ගත් ණය පියවීමටත් මහා භාණ්ඩාගාරය ඉන්දියානු ණය සහනාධාර යටතේ ගත් ණය පියවීමටත් භාවිත කරන බව මුදල් අමාත්‍යංශයේ නිලධාරීහු එහිදී පැවසූහ.
මෙම මුදලින් රුපියල් කෝටි 12,900ක් ශ්‍රී ලංකා විදුලිබල විදුලි බල මණ්ඩලය වෙනුවෙන් ලබා ගන්නා බවත් ඉතිරි රුපියල් කෝටි 10,200 ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙනුවෙන් ලබා ගන්නා බවත් මෙහිදී ප්‍රකාශ විය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඩොලර් කෝටි 100ක පාඩුවක් ලබා ඇති බවත් මෙම අතිරේකය ප්‍රමාණවත් වන්නේ මුළු ණය ප්‍රමාණයෙන් සියයට 30ක් පියවීමට පමණක් බවත් සඳහන් විය.
එසේම මෙම පරිපූරක ඇස්තමේන්තු මුදල ලැබීමෙන් පසුවද ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි 30,000ත් 40,000ත් අතර ප්‍රමාණයක් බවද මෙහිදී නිලධාරීහු පැවසූහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart