
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රහාරයකින් පසු අතුරුදන් වූ බව කියන ශ්‍රී ලාංකික සුජිත් බණ්ඩාර යටවර ගාසා තීරයේ සිට ක්‍රියාත්මක වන හමාස් කණ්ඩායම විසින් රඳවාගෙන ප්‍රාණඇපයට තබා ගැනීමට ඇතැයි සැක කරන බව ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශය ශ්‍රී ලංකාවට දන්වා තිබේ.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායල විදේශ කටයුතු අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් විධිමත් නිවේදනයක් නිකුත් කළ බවයි.
ඊශ්‍රායල-හමාස් ගැටුම ආරම්භ වීමත් සමඟ සුජිත් බණ්ඩාර යටවර පසුගිය ඔක්තෝම්බර් 07වැනිදා සිට අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
ඔහුගේ දරුවන්ගෙන් ලබාගත් DNA සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ඊශ්‍රායලයේ අදාළ බලධාරීන් වෙත දැනටමත් යවා ඇත.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්‍රකාශ කරන්නේ, සුජිත් බණ්ඩාර යටවර ප්‍රාණඇපයෙන් වහා මුදාගැනීමට කටයුතු කරමින් සිටින බවයි.
වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි සුජිත් බණ්ඩාර යටවර දෙදරු පියෙකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart