
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
99 වැනි ඔස්කාර් සම්මාන උළෙලේ ‘හොඳම ජාත්‍යන්තර විශේෂාංග චිත්‍රපටය’ කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාවේ නිල නියෝජනය ලෙස ලලිත් රත්නායකගේ රිවස්ටන් චිත්‍රපටය තෝරාගෙන තිබේ. ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සුදත් මහදිවුල්වැව අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව නිල වශයෙන් නිවේදනය කළේය.
ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන ඔහු සඳහන් කළේ, ඔස්කාර් එකමුතුවේ නව රෙගුලාසිවලට අනුකූලව මෙම තේරීම සිදුකර ඇති බවයි. එම නව රෙගුලාසිවලට අනුව ප්‍රාදේශීය තේරීම් කමිටුවේ අනුමැතිය මෙන්ම එහි සාමාජිකයන්ගේ වෘත්තීය සුදුසුකම්ද විශේෂයෙන් සැලකිල්ලට ගෙන තිබේ.
මෙවැනි විධිමත් හා නියාමනය කරන ලද ක්‍රමවේදයක් ඔස්සේ තේරී පත් වූ චිත්‍රපටයක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔස්කාර් සම්මාන උළෙලට ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය බව ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ප්‍රවීණ සිනමාකරුවන් වන අශෝක හඳගම, රවීන්ද්‍ර ගුරුගේ, අනෝමා රාජකරුණා, විසාකේස චන්ද්‍රසේකරම්, සිනමා විචාරක අරුණ ගුණරත්න, සංගීතඥ ලක්ෂ්මන් ජෝසෆ් ද සේරම් සහ සිනමා උළෙල සංවිධායක උදිත ලක්මාල් කහඳව ආරච්චි යන ක්ෂේත්රයේ ප්‍රවීණයන් රැසකගෙන් මෙම ජාතික ඔස්කාර් තේරීම් කමිටුව සමන්විත විය.
මෙම නිල තේරීම සඳහා සිංහල භාෂා චිත්‍රපට පහක් සහ දෙමළ භාෂා චිත්‍රපටයක් ඇතුළත්ව චිත්‍රපට හයක් තේරීම් කමිටුවේ සැලකිල්ලට යොමු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart