
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘දිට්වා’ සුළි කුණාටුවෙන් පසු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය පේරාදෙණිය සහ ගම්පොල දක්වා නැවත ඇරඹේ
‘දිට්වා’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් හානියට පත් වූ උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කරමින්, කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය නැවත ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
අයහපත් කාලගුණය නිසා රඹුක්කන සහ ගම්පොල අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදු වී තිබිණි. ඊට විශාල ප්‍රමාණයේ නායයෑම් 36ක් මෙන්ම මාර්ගය සේදීයෑම් සහ පස්කඳු කඩාවැටීම් 67ක් ඇතුළත් විය.
රඹුක්කන සහ කඩුගන්නාව අතර කොටස දුම්රිය මාර්ග පද්ධතියේ වැඩිම ආනතියක් සහිත ප්‍රදේශයක් වීම, අදාළ ස්ථාන වෙත ළඟාවීමට විකල්ප සැපයුම් මාර්ග නොමැති වීම, පවතින අයහපත් කාලගුණය සහ අවශ්‍ය යන්ත්‍රෝපකරණ මෙන්ම අමුද්‍රව්‍ය පවා දුම්රිය මගින්ම ප්‍රවාහනය කිරීමට සිදුවීම වැනි දැඩි අභියෝග රැසක් මැද මෙම පිළිසකර කිරීම් සිදුකිරීමට සිදුවිය.
එසේ වුවද, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ තාක්ෂණික මගපෙන්වීම් සහ උපදෙස් මත දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත උප දෙපාර්තමේන්තුව විසින් සියලු ප්‍රතිසංස්කරණ කටයුතු සාර්ථකව නිමකර මාර්ගය නැවත ධාවන තත්ත්වයට පත් කර ඇත.
ඒ අනුව, 2026 ඔක්තෝබර් 02 වැනිදා සවස සිට කොළඹ කොටුව – පේරාදෙණිය / ගම්පොළ අතර සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක වන අතර, එතැන් සිට නියමිත කාලසටහනට අනුව දුම්රිය ධාවනය සිදුවනු ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart