October 26, 2026

සංවි­ධා­නා­ත්මක අප­රාධ කණ්ඩා­යම් 48ක් මේ වන විට සක්‍රි­යව පව­තින බවත් තවත් කණ්ඩා­යම් 48ක් අක්‍රිය වී ඇති බවත් මහ­ජන ආර­ක්ෂක සහ පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේ­පාල පව­සයි.

සක්‍රිය හා අක්‍රිය සංවි­ධා­නා­ත්මක අප­රාධ කණ්ඩා­යම් හි සාමා­ජි­ක­යන් එක්ද­හස් ගණ­නක් හඳු­නා­ගෙන ඇති බැවින් ඔවුන්ට එරෙ­හිව නීතිය ක්‍රියා­ත්මක කිරීමේ අර­මු­ණින් යුතුව සංවි­ධා­නා­ත්මක අප­රාධ වැළැ­ක්වීමේ පනත් කෙටු­ම්පත පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කර ඇතැ­යිද ඇමැ­ති­ව­රයා සඳ­හන් කළේය.

ජනතා ද්‍රෝහී, මර්දන නීති­රීති අනු­මත කිරී­මට මෙම පාර්ලි­මේ­න්තුව සූදා­නම් නොමැති බැවින් මෙම පනත හරහා කිසිදු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී කට­යු­ත්තක් අඩ­පණ නොක­රන බවද ඇමැ­ති­ව­රයා පැව­සීය.

මෙවැනි අණ පනත් හඳුන්වා නොදු­න්නොත් අත්අ­ඩං­ගු­වට පත්වන සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වන් අධි­ක­රණ ක්‍රියා­මා­ර්ග­ව­ලින් පසුව නිද­හස් වී නැව­තත් අප­රා­ධ­වල යෙදෙන බවද ඇමැ­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ නාවික හමු­දාව ගොඩ­බි­මින් සොයා ගත් විශා­ල­තම මත්ද්‍රව්‍ය තොගය පරික්ෂා කිරී­මට පෙරේදා (24) මාතර තලල්ල වෙර­ළට පැමිණි අව­ස්ථා­වේ­දීය.(දිනමිණ)