
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
භික්ෂූන් වහන්සේලාට භික්ෂු හැඳුනුම්පත නිකුත් කිරීමේදී උන්වහන්සේලාට එරෙහිව පවතින අධිකරණ කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමුනොකරන බව අනාවරණය වේ.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ යොමුකළ තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ භික්ෂූන් වහන්සේලාට එරෙහිව අධිකරණ කටයුතු තිබේද යන්න සඳහන් කිරීමට අදාළ හැඳුනුම්පත් ආකෘතියේ ස්ථානයක් නැති බවයි.
කෙසේවෙතත් මේ හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ භික්ෂූන් වහන්සේ වැඩ සිටින විහාරස්ථානයේ ආචාර්ය ස්වාමීන් වහන්සේගේ හෝ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අත්සන සහ නිල මුද්‍රාව, මේ විහාරස්ථානය පිහිටි පළාතේ පළාත් ප්‍රධාන සංඝ නායක ස්වාමීන් වහන්සේගේ අත්සන සහ නිල මුද්‍රාව, විහාරස්ථානය පිහිටි වසමේ ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකය යන ලියකියවිලි අවශ්‍ය බවත්, මේ සහතික පරීක්ෂා කිරීමෙන් පසු බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ භික්ෂු හැඳුනුම්පත නිකුත් කරන බවත් එම ප්‍රතිචාරයේ වැඩිදුරටත් සඳහන් වේ.
2022 වසරේදී මෙවැනි භික්ෂු හැඳුනුම්පත් 152ක් නිකුත් කර ඇත. 2023 වසරේදී හැඳුනුම්පත් 103ක්, 2024 වසරේදී හැඳුනුම්පත් 149ක්, 2025 වසරේදී හැඳුනුම්පත් 85ක් සහ 2026 වසරේදී හැඳුනුම්පත් 30ක් ලෙස ආසන්න වර්ෂවලදී භික්ෂු හැඳුනුම්පත් ඉදිරිපත් කර ඇති බවද එම තොරතුරු ඉල්ලීමට ලබාදුන් ප්‍රතිචාරයේ දැක්වේ.
මේ වන විට ශ්‍රී ලංකාව පුරා භික්ෂූන් වහන්සේ 39,993ක් සහ සිල්මාතාවෝ 3,865ක් වැඩවාසය කරති.
භික්ෂූන් වහන්සේලාට එරෙහිව අධිකරණය ඉදිරියේ පවතින නඩු සහ මත්ද්‍රව්‍ය, අපචාර ඇතුළු බරපතළ චෝදනා සම්බන්ධයෙන් පසුගිය කාලයේ පුළුල් සංවාදයක් ඇති වූ අතර, එහිදී මේ භික්ෂු හැඳුනුම්පත් නිකුත් කිරීමේ ක්රමවේදයද ප්‍රශ්න කිරීමට ලක්විය.
(උපුටාගැනීම – සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart