Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාව සහ නේපාලය අතර පවතින්නේ සුවිශේෂී සබඳතාවක් බවත්, එහි උපරිම පල නෙලා ගැනීම සඳහා දෙරටේ මැදිහත්වීම තීරණාත්මක ලෙස වෙනස් කිරීමට කදිම අවස්ථාවක් උදාවී ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛානල් සමඟ පැවැති හමුවකදීය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව, දෙරට අතර පවතින සංවර්ධන සහයෝගීතාව, සන්නිවේදන සබඳතා, වෙළඳ හා සංක්‍රමණ කටයුතු, බලශක්තිය සහ දෙරටේ ජනතාව අතර පවතින සබඳතා ඇතුළු සමස්ත ද්විපාර්ශ්වික සබඳතා සමාලෝචනය කළ අමාත්‍යවරුන් දෙපළ, මෙම සබඳතා නව මානයකට ගෙන යාමට මෙහිදී ප්‍රතිඥා දුන්හ.
නේපාල විදේශ අමාත්‍යවරයා ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සමඟ ද සාකච්ඡා පවත්වා තිබේ.
ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම වෙනුවෙන් අමාත්‍ය ඛානල් ඉකුත් සිකුරාදා දින නවදිල්ලියේ තෙදින නිල සංචාරයක් ආරම්භ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart