
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිය යුරෝපා සංචාරයේ ගමනාන්තය සනිටුහන් කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉතාලිය වෙත පැමිණ තිබේ.
එහිදී ඔහුගේ සමීපතම රාජ්‍ය නායිකාවක වන වන ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි මෝදිව උණුසුම් අයුරින් පිළිගත්තාය.
ඊයේ පස්වරුවේ රෝමයට ළගාවූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි සමඟ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහා එක්විය.
ඉන් අනතුරුව, ඔවුන් දෙදෙනාම ඓතිහාසික කොලෝසියම නැරඹීමට එක්ව තිබූ අතර, එහිදී ඔවුහු පුළුල් පරාසයක මාතෘකා ඔස්සේ ගැඹුරු සාකච්ඡාවක නිරත වූහ.
අග්‍රාමාත්‍ය මෝදි, අග්‍රාමාත්‍ය මෙලෝනි සමඟ කළ සංචාරයේ දසුන් ‘X’ හි බෙදාගනිමින් මෙසේ පැවසීය: “රෝමයට ළඟා වූ වහාම, රාත්‍රී ආහාරය අතරතුර අග්‍රාමාත්‍ය මෙලෝනි මෙනෙවිය හමුවීමටත්, ඉන් අනතුරුව ඓතිහාසික කොලෝසියම් නැරඹීමටත් අවස්ථාව ලැබුණා. අපි පුළුල් පරාසයක මාතෘකා පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තෙමු. භාරත-ඉතාලි මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාව අඛණ්ඩව ඉදිරියට ගෙනයෑම සඳහා අද දිනයේ පැවැත්වීමට නියමිත අපගේ සාකච්ඡා පිළිබඳ මම බලාපොරොත්තුවෙන් සිටිමි.”
අග්‍රාමාත්‍ය මෝදි සමඟ ගත් ඡායාරූපයක් ‘X’ හි පළ කරමින් අග්‍රාමාත්‍ය මෙලෝනි, “මගේ මිතුරා, රෝමයට සාදරයෙන් පිළිගනිමු!” යනුවෙන් සටහන් කර තිබුණාය.
රෝමයට පැමිණි අග්‍රාමාත්‍ය මෝදිට එහි වෙසෙන ඉන්දීය ප්‍රජාවගෙන් උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart