
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමිල්නාඩුවේ නව මහ ඇමතිවරයා ලෙස පත්වූ විජේ විසින් ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රඥ රිකී රාධන් පණ්ඩිත් වෙට්ට්‍රිවෙල් තමිල්නාඩු රජයේ ප්‍රධාන අමාත්‍යවරයාගේ විශේෂ කාර්ය නිලධාරියා (OSD) ලෙස පත් කර ඇත.
TVK පක්ෂයේ ප්‍රධාන ලේකම් රීටා හරිෂ් තක්කර් පැවසුවේ, “තිරු රිකී රාධන් පණ්ඩිත් වෙට්ට්‍රිවෙල් රාජකාරි භාරගන්නා දින සිට ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන අමාත්‍යවරයාගේ (දේශපාලන) විශේෂ කාර්ය නිලධාරියා ලෙස පත් කරනු ලැබේ. මේ පිළිබඳ කොන්දේසි වෙන වෙනම නිකුත් කරනු ඇත,” යනුවෙනි.
මැතිවරණයේදී විජේ වෙනුවෙන් “සුනාමියක් වැනි දැවැන්ත ජයග්‍රහණයක්” ලැබෙන බවට පණ්ඩිත් වෙට්ට්‍රිවෙල් විසින් මීට වසරකට පමණ පෙර සිට අනාවැකි පළ කර තිබූ බව ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කර තිබේ..
මීට පෙර, විජේ සිය දිවුරුම් දීමේ උත්සවය මැයි 10 වැනිදා පස්වරු 3:45 ට පැවැත්වීමට සැලසුම් කර තිබුණද, පසුව එය පෙරවරු 10:00 දක්වා වෙනස් කරන ලදී.
වාර්තාවලට අනුව, මෙම වෙනස්කම ද සිදු කර ඇත්තේ නව වේලාව වඩාත් “සුබ” බව පැවසූ වෙට්ට්‍රිවෙල්ගේ උපදෙස් මතය.
වෙට්ට්‍රිවෙල්, තමිල්නාඩුවේ ඊරෝඩ් හි උපත ලැබූ අයෙකු වන අතර, වෘත්තියෙන් ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රඥයෙකු ලෙස කටයුතු කරයි.
ඔහුට වෛදික ජ්‍යෝතිශ්‍ය ශාස්ත්‍රය, භාවනා පාදක කරගත් මඟපෙන්වීම් සහ අංක විද්‍යාව පිළිබඳ දශක හතරකට වැඩි පළපුරුද්දක් ඇත.
එක්තරා අවධියක, හිටපු ප්‍රධාන අමාත්‍ය ජේ. ජයලලිතා ඇතුළු රටේ ඉහළ පෙළේ ප්‍රභූවරු ද ඔහුගේ සේවාදායකයින් අතර සිටි බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart