April 22, 2026

පාකිස්ථාන හමුදා ප්‍රධානී අසීම් ​​මුනීර් සහ අගමැති ෂෙබාස් ෂරීෆ්ගේ ඉල්ලීමක් මත පදනම්ව, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව සටන් විරාමය දීර්ඝ කරන බව නිවේදනය කර තිබේ.

ඉරාන රජය ‘බරපතල ලෙස බිඳීගොස් ඇති’ බවට තොරතුරු වාර්තා වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත්, එහි නායකයන්ට ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කිරීමට කාලය අවශ්‍ය බවත් ට්‍රම්ප් නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියි.

කෙසේවෙතත් එක්සත් ජනපදය නිරන්තරයෙන් සිය හමුදා සූදානම්ව තබන බවත් ඔහු පවසයි.

ඉරාන නියෝජිතයන් යෝජනාවක් ඉදිරිපත් කර, සාකච්ඡා අවසන් වන තුරු සටන් විරාමය ක්‍රියාත්මක වන බව ට්‍රම්ප් තවදුරටත් සඳහන් කරයි.