
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ ඉපදී එංගලන්තයේ හැදී වැඩුණු බීබීසීහි දීර්ඝ කාලයක් සේවය කළ මාධ්‍යවේදියකු වන ජෝර්ජ් අලගියා අද (24) මියගොස් ඇත.
මිය යන විට 67 හැවිරිදි වියේ පසුවූ ඔහු, වසර නවයක් තිස්සේ පිළිකා රෝගයෙන් පීඩා විඳ මෙසේ මිය ගොස් තිබේ.
ඔහුට 2014 වසරේ දී හතරවන අදියරේ පිළිකාවක් ඇති බව හඳුනාගෙන ඇති අතර, එය තවදුරටත් ව්‍යාප්ත වී ඇති බව 2022 ඔක්තෝම්බර් මාසයේදී අනාවරණය වී ඇත.
ජෝර්ජ් අලගියා ලොව පුරා නොබියව ප්රවෘත්ති වාර්තා කළ මෙන්ම, දෝෂ රහිතව ප්රවෘත්ති ඉදිරිපත් කළ ඔහුගේ පරම්පරාවේ හොඳම සහ නිර්භීත මාධ්‍යවේදීන්ගෙන් කෙනෙක් බව බීබීසී අධ්යක්ෂ ජනරාල් ටිම් ඩේවි සඳහන් කරයි.
ඔහු 1989 දී විදේශ කටයුතු පිළිබඳ වාර්තාකරුවෙක් ලෙස බීබීසීයට සම්බන්ධ වී තිබේ.
ඔහු විසින් දශක තුනකට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය රූපවාහිනී ප්රවෘත්ති ඉදිරිපත් කළ අතර, පසුගිය වසර 20 පුරා BBC News at Six වැඩසටහන ඉදිරිපත් කර ඇත.
ඊට පෙර, ඔහු රුවන්ඩාවේ සිට ඉරාකය දක්වා රටවල ප්රවෘත්ති වාර්තා කළ සම්මානලාභී විදේශ වාර්තාකරුවෙක් ද විය.
ඔහු 90 දශකයේ මුල් භාගයේ සෝමාලියාවේ සාගතය සහ යුද්ධය පිළිබඳ වාර්තා කිරීමෙන් සම්මාන දිනාගත් අතර, උතුරු ඉරාකයේ කුර්දිවරුන්ට එරෙහිව සදාම් හුසේන්ගේ ජන සංහාරක ව්‍යාපාරය ආවරණය කිරීම වෙනුවෙන් 1994 දී ද ඇගැයුමට ලක්ව තිබේ.
බුරුන්ඩි හි සිවිල් යුද්ධය වාර්තා කිරීම සඳහා 1994 දී Amnesty International’s හි වසරේ මාධ්‍යවේදියා ලෙස ඔහු නම් කරන ලද අතර, රුවන්ඩාවේ ජන සංහාරය වාර්තා කළ පළමු බීබීසී මාධ්‍යවේදියා ඔහු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart