
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කැබිනට් ඇමැතිවරයෙක් වශයෙන් හිටපු ප්රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන කටයුතු කළ සමයේ ජාතික ප්රවාහන කොමිෂන් සභාව හරහා බස් රථ බලපත්ර ඉතා අඩු මිලට ලබා දීම මඟින් වංචාවක් කළ බවට සිදු කරන පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාදීමට ජාතික ප්රවාහන කොමිෂන් සභාවේ නිලධාරීන් අල්ලස් කොමිසම වෙත කැඳවා ඇත.
රුපියල් කෝටියක් පමණ අයකර ලබා දෙන බස්රථ බලපත් රුපියල් ලක්ෂ 30 බැගින් 32 දෙනකුට ලබාදීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය අල්ලස් කොමිසම විසින් ආරම්භ කර ඇත.
පැවැති ටෙන්ඩර් ක්රමයෙන් පරිබාහිරව තාවකාලික බස් ධාවන බලපත්ර ලබාදී තිබූ හිටපු ඇමැතිවරයාගේ ඇතුළු රජයේ හිටපු දේශපාලන හිතවතුන් වෙත ඉතා අඩු මිලට මෙම බලපත්ර ලබාදී ඇතැයි ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇතැයි අල්ලස් කොමිසම උපුටා දක්වමින් රජයේ පුවත්පතක් වන ‘දිනමිණ’ වාර්තා කරයි.
මෙමඟින් රුපියල් කෝටි ගණනින් පාඩුවක් සිදුව ඇති බවට කළ පැමිණිල්ලක් අනුව එම බලපත්ර ලබා දීමට කටයුතු කළ ජාතික ප්රවාහන කොමිෂන් සභාවේ නිලධාරීන්ට ලබන 08 වැනිදා මෙලෙස ප්‍රකාශ ලබාදීමට පැමිණෙන ලෙස අල්ලස් කොමිසම දැනුම් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart