
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දියාවේ නිෂ්පාදිත එන්නත් කළ හැකි ඖෂධ කාණ්ඩ කිහිපයක ගුණාත්මකභාවයේ දෝෂ වාර්තා වුවද, ඒවායේ භාවිතය නැවත සලකා බැලීමට හෝ තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් එම අමාත්‍යංශය වෙනුවෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සන්ඩේ මෝර්නින් පුවත්පත වෙත පවසා ඇත්තේ, ජාතික බෝවන රෝග විද්‍යාතනයෙන් (අයිඩීඑච් රෝහල) වාර්තා වූ මරණ දෙකක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.
මෙම සිදුවීම් ඔන්ඩන්සෙට්රෝන් ඖෂධය නිසා සිදුවී ඇති බව තවමත් නිශ්චිතව තහවුරු වී නොමැති බව ද ඔහු අවධාරණය කරයි.
ඒ අනුව එම මරණ දෙකට ඔන්ඩන්සෙට්රෝන් ඖෂධයේ සෘජු සම්බන්ධයක් තිබේද යන්න තීරණය කිරීම සඳහා දැනට පරීක්ෂණ සිදුවෙමින් පවතින බව ද ඔහු පවසන අතර, එම පරීක්ෂණ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සිදුකරන බවද සඳහන් කරයි.
කෙසේවෙතත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසන්නේ, ප්‍රශ්නගත ඖෂධය සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමත් සමග සැකසහිත ඔන්ඩන්සෙට්රෝන් ඖෂධයේ සියලුම කාණ්ඩ රෝගීන් සඳහා භාවිතයෙන් තාවකාලිකව ඉවත් කිරීමට ක්ෂණික පියවර ගත් බවයි.
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමේදී අනවශ්‍ය බියක් ඇතිකර ගැනීමට අවශ්‍ය නොවන බවත්, මෙරට සෞඛ්‍ය පද්ධතියට හොඳින් පුහුණුව ලත් සහ පළපුරුදු ශ්‍රම බලකායක් සිටින බවත් ඔහු අවධාරණය කර ඇත.
කෙසේවෙතත් ප්‍රශ්නගත සිදුවීමෙන් අනතුරුව අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව, ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගැටළු මතු වූ බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස, නිෂ්පාදන ක්‍රියාවලියේ ආරක්ෂාව සහ අඛණ්ඩතාව සම්පූර්ණයෙන්ම සත්‍යාපනය කළ හැකිවන තෙක්, අදාළ ඉන්දියානු ඖෂධ සමාගම විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් කළ හැකි ඖෂධ 10ම භාවිතය තාවකාලිකව අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart