
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් ඊයේ(19) රාත්‍රියේ වැටලූ පොලිසිය සැකකරුවකු සහ විදේශීය කාන්තාවන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
කොල්ලුපිටිය පොලිස් කොට්ඨාසයේ කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදී.
සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යන අතරතුර ගණිකා සේවා සැපයීමට යොදා ගත් බව කියන ආයතනය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකපිට ජා-ඇල ප්‍රදේශයේ 58 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
වැටලීම සිදු කරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි විදේශීය කාන්තාවන් නව දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
ලිංගික සේවා සැපයීමේ යෙදී සිටි බවට චෝදනා එල්ල වන වයස අවුරුදු 25ත් 41ත් අතර කාන්තාවන් තායි ජාතිකයන් බව පොලිසිය සඳහන් කළේය.
වැඩිදුර නීතිමය පියවර ගැනීම සඳහා සියලුම සැකකරුවන් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර තිබේ.
කොල්ලුපිටිය පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart