
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දකුණු ආසියාවේ ප්‍රථම තෙදින රෙගේ සංගීත උළෙල වන ‘වන් ලව් 2026 – බොබ් මාලේට උපහාරයක්’ ප්‍රසංගය 2026 මාර්තු 27 සිට 29 දක්වා බෙන්තොට වෙරළ තීරයේ පැවැත්වෙන බව සංවිධායකයන් විසින් නිවේදනය කර තිබේ.
දකුණු ආසියානු කලාපයට රෙගේ සංස්කෘතියේ පෙර නොවූ විරූ සැමරුමක් සමග සවස 5 සිට උත්සවය පැවැත්වෙනු ඇත.
මෙම උත්සව අවස්ථාවට අන්තර්ජාතිකව පිළිගත් රෙගේ නිරූපක හය දෙනෙකු සහභාගී වන අතර එය ආසියාවේ සහ පැසිෆික් කලාපයේ මෙතෙක් දැක ඇති විශාලතම ගෝලීය රෙගේ දස්කම් එකතුව සනිටුහන් කරනු ඇත.
පෙළගැස්මට මැක්සි ප්‍රීස්ට්ගේ ‘Prince of Reggae’, ද වයිලර්ස්, බොබ් මාලේගේ පුතුන් වන ජූලියන් මාලේ සහ කයි-මානි මාලේ, ඉනර් සර්කල් සහ බිග් මවුන්ටන් ඇතුළත් වේ.
ඊට අමතරව, උත්සවය පුරා අන්තර්ජාතික DJවරුන් හතර දෙනෙකු සංගීත උලෙළ වර්ණවත් කරනු ඇත.
සෑම රාත්‍රියකම ප්‍රධාන කලාකරුවන් දෙදෙනෙකු වේදිකාවට පැමිණීමට නියමිත අතර මාර්තු 27 වැනිදා ද වයිලර්ස් සහ මැක්සි ප්‍රීස්ට්, මාර්තු 28 වැනිදා ඉනර් සර්කල් සහ බිග් මවුන්ටන් සහ මාර්තු 29 වැනිදා ජූලියන් මාර්ලි සහ කයි-මානි මාර්ලි ලෙස පෙළගැස්ම සකස්කර තිබේ.
ඊට අමතරව, ලෝක ප්‍රසිද්ධ DJවරුන් හතර දෙනෙකු උලෙළ රසවත් කරනු ඇත.
ශ්‍රී ලංකාවේ රෙගේ උත්සවය සඳහා ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාවේ නිවර්තන උණුසුම සඳහා පැමිණෙන බටහිර සංචාරකයන් සමඟ දේශීය රසිකයන් දහස් ගණනක් ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කෙරේ.
කැරිබියන් එන්ටර්ටේන්මන්ට් සමඟ සහයෝගයෙන් යුරෝපයේ සහ කොළඹ මූලස්ථානය කරගත් ශ්‍රී ලංකාවට අයත් One In A Million Entertainment Ltd විසින් මෙම උත්සවය සංවිධාන කරයි.
මෙම උත්සවය 2026 පෙබරවාරි 6 වැනිදා බොබ් මාලේගේ 81 වැනි උපන්දිනය සැමරීමට සමගාමීව සිදුකෙරේ.
සාමාන්‍ය ටිකට්පත් මිල දිනකට රු. 10,000ක් වන අතර VIP ටිකට්පත් දිනකට රු. 50,000කි.
දින තුන සඳහා උත්සව අවසර පත්‍රයක් අවශ්‍ය සියලුම රෙගේ සංගීත ලෝලීන් සඳහා, රු. 25,000 (සාමාන්‍ය ටිකට්පත්) සහ රු. 125,000 (VIP) ලෙස දීමනාවක් පිරිනමයි.
ටිකට්පත් PickMe Events වේදිකාවෙන් ලබාගත හැකිය.
One Love Festival ටිකට්පත් අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකාවේ ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් සිදු කරනු ලබන ළමා අනාථ නිවාසවල ජල පවිත්‍රකරණ ව්‍යාපෘතියට පරිත්‍යාග කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart