
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ බොන්ඩි වෙරළ තීරයේ පැවැති හනුක්කා සැමරුම් උත්සවයක් අතරතුර පුද්ගලයින් 16 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සන්නද්ධ තුවක්කුකරුවන් දෙදෙනා පකිස්ථාන සම්භවයක් ඇති පියෙකු සහ පුත්‍රයෙකු බව හඳුනාගෙන ඇතැයි වාර්තා වේ.
එරට පොලිසිය පැවසුවේ පියා 50 හැවිරිදි සජිඩ් අක්‍රම් නමැත්තෙකු බව සහ ප්‍රහාරය සඳහා පැමිණි ඔහුගේ පුත්‍රයා 24 හැවිරිදි නවීඩ් අක්‍රම් නමැත්තෙකු බව හඳුනාගෙන ඇති බවයි.
ඕස්ට්‍රේලියානු නීතිය ක්‍රියාත්මක කරන ආයතන විසින් සජිඩ් නමැත්තාව ඝාතනය කළ අතර, නවීඩ් නමැත්තා අල්ලා ගන්නා ලදී.
මේ වනවිට අනාවරණ වී ඇති කරුණු අනුව ප්‍රහාරකයින් දෙදෙනා පකිස්ථානයෙන් පැමිණ ඇතැයි ද වාර්තා වේ.
නිව් සවුත් වේල්ස් පොලිස් කොමසාරිස් මැල් ලැන්යොන් මාධ්‍ය හමුවකදී පැවසුවේ පියා බලපත්‍රලාභී ගිනි අවි හිමිකරුවෙකු බවත් ඔහුට බලපත්‍රලාභී ගිනි අවි හයක් තිබූ බවයි.
ඉරාකයේ සහ සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යයේ ධජයක් ඔවුන්ගේ මෝටර් රථයෙන් සොයා ගත් බැවින්, ඔවුන් දෙදෙනා අන්තවාදී කණ්ඩායමකට සම්බන්ධ දැයි පොලිසිය විමර්ශනය කරන බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart