
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිඩ්නි හි බොන්ඩි වෙරළේ සිදු වූ සමූහ වෙඩි තැබීම සිදුකළ එක් ප්‍රහාරකයකුගෙන් තුවක්කුව උදුරා ගත් පුද්ගලයා වෙනුවෙන් ඕස්ට්‍රේලියාව පුරා පරිත්‍යාග ගලා එමින් තිබේ.
එම මුළු පර්තියාග මුදල මේ වනවිට ඩොලර් මිලියන 1.1 ඉක්මවා ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය.
වෙඩි වැදීමෙන් සිදු වූ තුවාල සඳහා සැත්කමකට භාජනය වීමෙන් පසු ඔහු රෝහල් ගතකර සුවය ලබමින් සිටියදී මෙම අරමුදල් එක්රැස් වෙමින් ඉහළ ගොස් තිබේ.
දෙදරු පියකු වන මුස්ලිම් ජාතික 43 හැවිරිදි අහමඩ් අල් අහමඩ්, තුවක්කුකරුට පිටුපසින් ගොස් පහර දීමට පෙර අසල නවතා තිබූ මෝටර් රථ පිටුපස සැඟවී සිටියේය.
තුවක්කරුගේ රයිෆලය අල්ලා ගැනීමට ඔහු සමත් වූ අතර, එම ක්‍රියාව තවදුරටත් ජීවිත හානි වළක්වා ගැනීමට උපකාරී වූ බව බලධාරීන් ප්‍රකාශ කර තිබේ.
ඉරිදා දහවල් පැවති යුදෙව් සැමරුමකට 50 හැවිරිදි පියකු සහ ඔහුගේ 24 හැවිරිදි ඔහුගේ පුත්‍රයා විසින් මෙම ප්‍රහාරය සිදු කළ බව ඕස්ට්‍රේලියානු පොලිසිය ඊයේ පැවසීය.
දශක තුනකට ආසන්න කාලයක් තුළ රටේ සිදු වූ දරුණුතම සමූහ වෙඩි තැබීම ලෙස බලධාරීන් හඳුන්වන මෙම සිද්ධියෙන් පුද්ගලයෝ පහළොස් දෙනෙක් මිය ගියහ.
මේ අතර, අහමඩ්ට සහාය දැක්වීම සඳහා පිහිටුවන ලද GoFundMe ව්‍යාපාරයක් එක් දිනක් ඇතුළත ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.1 =කට වඩා රැස් කර ඇති බව රොයිටර්ස් වාර්තාව වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart