
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය රුපියල තම පද්ධතිය තුළ නම් කර ඇති විදේශ මුදල් ඒකකයක් බව ශ්‍රී ලංකාව දැනටමත් ඉන්දියාවට දන්වා ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල ප්‍රකාශක අරින්දම් බගාචි සඳහන් කර ඇත.
ඉන්දීය රුපියල වෙළඳ කටයුතු වලදී භාවිත කිරීම ඉන්දියාවේ පෞද්ගලික අංශය සහ වෙළඳ අංශයේ නියැලී සිටින පුද්ගලයන් මත රඳා පවතින බව ද ඔහු සඳහන් කර තිබේ.
එමෙන්ම මෙම මූල්‍ය හා ආර්ථික සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කිරීමට ඉන්දියාව කැමත්තෙන් සිටින බවද අරින්දම් බගාචි වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය අතරතුර, ඉන්දීය රුපියල භාවිතය සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට නියමිත බවද වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart