
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සංවිධානය පැවසීය.
එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවයි.
සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මෙහෙවර ක්‍රියාත්මක කිරීම නොව භාරකාරත්වය, රැකවරණය සහ නිවැරදි කිරීම මත පදනම් වන බැවින් එවැනි කරුණු සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස්වරයකුට පෞද්ගලික අදහස් ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැති බවයි.
“එම තත්ත්වය තුළ, මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස්වරයකු කියන්නේ කොහොමද ? ඔහු පවසන දේ දෙපාර්තමේන්තුවේ මෙහෙවරට සම්පූර්ණයෙන්ම පටහැනියි,” ඔහු පැවසීය.
සියලුම බන්ධනාගාර නිලධාරීන් පුනරුත්ථාපනය සහ නිවැරදි කිරීමේ මූලධර්ම පිළිපැදිය යුතු බවත් එවැනි ප්‍රකාශ කිරීම ජනප්‍රියත්වය ලබා ගැනීමේ උත්සාහයක් ලෙස පෙනෙන බවත් ඔහු තවදුරටත් පැවසීය.
“සිරකරුවන් මරණ දඬුවමට ලක් කිරීම ද බන්ධනාගාර තදබදයට විසඳුම? මෙය කිසිසේත්ම විසඳුමක් නෙවෙයි. ඔහු මෙම මානසිකත්වයෙන් බන්ධනාගාරයක සේවය කරනවා නම්, සිරකරුවන්ට සළකන්නේ කොහොමද? අමාත්‍යාංශය ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.” යනුවෙන් නීතිඥ සේනක පෙරේරා පැවසුවේය.
කෙසේවෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති කටයුතු අධ්යක්ෂ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර පවසන්නේ, නිලධාරීන් විසින් කරන සෑම තනි ප්රකාශයකටම ප්‍රතිචාර දැක්වීමට රජය අදහස් නොකරන බවයි.
“විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ නිකුත් කරනව. රජය ලෙස, එවැනි සියලු ප්‍රකාශවලට ප්‍රතිචාර දැක්වීමට හෝ ඔවුන් පැවසූ දේ හරිද වැරදිද යන්න පැවසීමට අපට අවශ්‍ය නැහැ.” යැයි ඔහු පවසා තිබේ.
මෑතකදී නාවලපිටියේ පැවති මහජනතාව දැනුවත් කිරීමේ උත්සවයක් අමතමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක වීරසිංහ ප්‍රකාශ කළේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මුළු රටක්ම විනාශ කරන බැවින් එවැනි පුද්ගලයන්ට මරණ දඬුවම නියම කළ යුතු බවයි.
ශ්‍රී ලංකාවේ උපරිම රැඳවියන් 10,500ක ධාරිතාවකින් යුත් බන්ධනාගාර 36ක් ඇති නමුත් දැනට සිරකරුවන් 36,000කට ආසන්න සංඛ්‍යාවක් රඳවා සිටින බවත් ඔවුන්ගෙන් 65%ක් පමණ මත්ද්‍රව්‍ය ආශ්රිත වැරදි සඳහා සිරගත කර ඇති බවත් ඔහු සඳහන් කළේය.
වයස අවුරුදු පහට අඩු ළමුන් 42ක් තම මව්වරුන් සමඟ බන්ධනාගාරවල ජීවත් වන අතර පිරිමින් 805ක් සහ කාන්තාවන් 21ක් මරණ දඬුවම නියම වී බන්ධනාගාරවල සිටින බව ඔහු හෙළි කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart