
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාකාරකම්වල අපක්ෂපාතීත්වය සහ විනිවිදභාවය සහතික කිරීම සඳහා පොලිස් රථවාහන නිලධාරීන්ට ශරීරයේ පැළඳිය හැකි කැමරා(බොඩිකැම්) ලබා දීමට පොලිස් දෙපාර්තමේන්තුව සැලසුම් කරයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ සහකාර පොලිස් අධිකාරී නීතිඥ එෆ්.යූ. වූට්ලර් පවසන්නේ ශරීරයේ පැළඳිය හැකි කැමරා හඳුන්වාදීම රථවාහන සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සාධාරණව සහ නීතියට අනුකූලව සිදු කරන බව සත්‍යාපනය කිරීමට උපකාරී වන බවයි.
“ශරීරයේ පැළඳිය හැකි කැමරා භාවිතයෙන් විනිවිදභාවය සහතික කෙරෙනවා. කිසිදු නිලධාරියකුට දූෂිත හෝ නීති විරෝධී ක්‍රියාකාරකම්වල යෙදීමට නොහැකි වේවි” යනුවෙන් ඔහු පැවසීය.
ඇතැම් රථවාහන පොලිස් නිලධාරීන් අල්ලස් ලබා ගන්නා බවට සහ මෝටර් රථ රියදුරන් සමඟ කටයුතු කිරීමේදී ඔවුන්ගේ අධිකාරිය අනිසි ලෙස භාවිත කරන බවට දිගුකාලීනව පවතින චෝදනා මධ්‍යයේ මෙම පියවර ගෙන තිබේ.
නීතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීම සඳහා නිල නොවන දඩ මුදල් ගෙවීමට රියදුරන්ට බලපෑම් කිරීම හෝ ගෙවීමක් සිදුකරන තෙක් ඔවුන්ගේ බලපත්‍ර අත්හිටුවීම පිළිබඳ වසර ගණනාවක් තිස්සේ පැමිණිලි පවතී.
අසාධාරණ දඩ හෝ අතිශයෝක්තියට නැංවූ චෝදනා ගොනු කරන බවට ඇතැම් මෝටර් රථ රියදුරන් නිලධාරීන්ට චෝදනා කර ඇත.
පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදී සිටියදී ඔවුන්ගේ ක්‍රියාවන් වීඩියෝ කිරීමට මහජනතාවට අවසර ඇති බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෑතකදී ප්‍රකාශ කළේය.
විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු පැහැදිලි කළේ එවැනි ක්‍රියා නීති විරෝධී ලෙස නොසැළකෙන බවත්, මහජනතාව විසින් රූගත කරන ලද දර්ශන නීතිය යටතේ අපරාධ සහ සිවිල් නඩු කටයුතු දෙකෙහිම සාක්ෂි ලෙස භාවිත කළ හැකි බවත්ය.
අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ වාහනයක සිදුවූ අනතුරක ප්‍රතිඵල රූගත කරමින් සිටි පුද්ගලයකුට පොලිස් නිලධාරියකු තර්ජනය කළ බව කියනු ලැබූ වාරියපොළ ප්‍රදේශයෙන් වාර්තා වූ සිද්ධියකින් පසුව පොලිස්පතිවරයාගේ නියෝගය නිකුත් විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart