
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ මහානාම විද්‍යාලයේ සිසුන් තිදෙනෙකුට සිදු වූ බව කියන ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙම පරීක්ෂණය සිදු කෙරෙන බව අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව ප්‍රකාශ කර ඇත.
එම පාසලේ සිසුන් තිදෙනෙකුට ආරක්ෂක නිලධාරියකු විසින් ලිංගික හිංසන් කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බදාදා (22) පාර්ලිමේන්තුවේදී පැවසීමෙන් පසුව මෙම ප්‍රකාශය සිදුවිය.
විදුහල්පතිවරයා හෝ ගුරුවරුන් සැකකරුට එරෙහිව ඵලදායී පියවරක් ගෙන නොමැති බවත්, එබැවින් වහාම මැදිහත් වන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඔහු චෝදනා කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් මානව හිමිකම් සංවිධානය සහ පාසලේ ආදි සිසුන් පිරිසක් විසින් සඳුදා (21) ජාතික ළමා ආරක්ෂක අධිකාරියට විධිමත් පැමිණිල්ලක් ද ගොනු කර තිබිණි.
පැමිණිල්ලට අනුව, චෝදනා එල්ල වූ අපයෝජනය ඔක්තෝබර් 4 වැනිදා රාත්‍රියේ සිදු වූ අතර එය පාසලේ සේවයේ නියුතු පෞද්ගලික ආරක්ෂක නිලධාරියකු විසින් සිදු කර ඇති බව වාර්තා වේ.
ළමා අපයෝජන හෝ ළමුන්ට එරෙහි හිංසනය පිළිබඳ ඕනෑම සිදුවීමක් 1929 ක්ෂණික දුරකථන අංකය හරහා වාර්තා කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාව දිරිමත් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart