
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර නොහොත් ‘මිදිගම ලසා’ට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ දකුණු පළාතේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ පාතාල කල්ලියක් විසින් යුද හමුදාවෙන් පළා ආ සෙබළකුට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව විමර්ශනවලින් හෙළි වී ඇත.
මෙම ඝාතනය සිදුකළ පාතාල කුලී ඝාතකයා මේ වනවිට හඳුනාගෙන ඇති අතර විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.
මෙම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ පටිගත වී තිබූ සීසීටීවී දර්ශන ඔස්සේ කළ විමර්ශනයකදී කුලී ඝාතකයා හඳුනාගැනීමට හැකි වූ බව විමර්ශන කණ්ඩායම් පවසයි.
මේ අතර මෙම කුලී ඝාතකයා සහ යතුරුපැදිය පැදවූ පාතාල සාමාජිකයා ලසන්ත වික්‍රමසේකර ඝාතනය කර පළාගිය මාර්ගය සොයාගැනීමට ප්‍රදේශයේ සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමේ කටයුතු පොලිසිය ඊයේ සිට ආරම්භ කර තිබිණි.
ඝාතනයට පැමිණි වෙඩික්කරු තවත් සගයෙකු සමග යතුරුපැදියකින් පළාගොස් අතරමගදී දෙදෙනා යතුරුපැදි දෙකකින් පළාගිය බවට ලැබී ඇති තොරතුරු ඔස්සේ ද පොලිස් පරීක්ෂණ පවත්වයි.
මේ අතර මෙම ඝාතනය සිදුවන අවස්ථාවේ එම ප්‍රදේශයේ හුවමාරු වූ දුරකථන විශ්ලේෂණ වාර්තාද පොලිසිය ලබාගෙන ඇති අතර ඒ ඔස්සේ ද වෙනම විමර්ශනයක් ආරම්භ කර තිබේ.
මෙම ඝාතනයට මිදිගම රුවන් මිදිගම චූටි සහ හරක්කටා නමැති පාතාල මැරයන්ගේ සම්බන්ධයක් ඇති බවට ලැබුණු තොරතුරු මත ඒ ඔස්සේද විමර්ශන පවතවාගෙන යයි.
ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමසේකර පසුගිය කාලය පුරාම දැඩි මරණ බියකින් පසුවී ඇති බවද හෙළි වී ඇත.
මේ මරණ භීතිය නිසාම මොහු පදිංචි ස්ථාන පවා වෙනස් කරමින් රහසිගත ජීවිතයක් ගත කිරීමට පුරුදුව සිට ඇති බව විමර්ශන නිලධාරීහු කියාසිටිති.
ලසන්තට එල්ලවී තිබූ තර්ජන නිසා ඔහු පෞද්ගලික ආරක්ෂකයන් පහළොස් දෙනෙක් පමණ ළඟ තබාගෙන සිටි බවද හෙළි වී ඇත.
එහෙත් මෙම ඝාතනය සිදුවූ අවස්ථාවේ ඔහු සමීපයේ ඒ එකදු ආරක්ෂකයකු හෝ සිට නොමැති බවද අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමු වී ඇත.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart