
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට ධීවරයින්ගෙන් සියයට 90කටම පිහිනීමට හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (SLLSA) අනාවරණය කරයි.
SLLSA ප්‍රධාන විධායක නිලධාරී අසංක නානායක්කාර පෙන්වාදෙන්නේ, බොහෝ ධීවරයන් තමන්ට පිහිනීමට හැකි බවට විශ්වාස කරන බවයි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) හරහා පසුගියදා රටපුරා සිදුකළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
SLLSA පෙන්වාදෙන ආකාරයට, ධීවරයන්ට තිබෙන පිහිනුම් හැකියාව මුහුදේදී ජීවිත බේරා ගැනීමට ප්‍රමාණවත් නැත.
නිසල ජලයේ විනාඩි 10ක කාලයක්, අවම වශයෙන් මීටර් 200ක් නොකඩවා පිහිනීමේ හැකියාව පැවතිය යුතුය.
අන්තර්ජාතික නිර්ණායකවලට අනුව, පුද්ගලයකු බේරාගැනීම සඳහා ජීවිතාරක්ෂකයකුට මිනිත්තු හයකින් මීටර් 200 ක් පිහිනීමේ හැකියාව තිබිය යුතුය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයන් තිදෙනකු දියේ ගිලීමෙන් මිය යයි.
ධීවරයන්ට ජීවිතාරක්ෂක කබා ලබාදී තිබුණද, බහුතරයක් පිරිස ඒවා භාවිත නොකරන බවද SLLSA වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart