
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාරයේ පැවැති විවිධ වාහන 880ක් අස්ථානගතව ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ නවතම වර්තාවක සඳහන් කර ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ වාහන 2004ක් දක්වා ලියාපදිංචි කර ඇතත්, දැනට දෙපාර්තමේන්තුව භාරයේ පවතින්නේ වාහන 1124ක් පමණක් බව එම වාර්තාවේ සඳහන් වේ.
මෙම වාහන වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් යන නම් වලින් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත.
මෙම අස්ථානගත වාහන අතුරින් වාහන 102ක තොරතුරු සොයාගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (යාන්ත්‍රික) ඉංජිනේරු එච්. කේ. ඩී. ඩබ්ලිව්. ටී. ගජනායක සඳහන් කර තිබේ.
එමෙන්ම සෙසු වාහනවල තොරතුරු ද සොයාගැනීමට කටයුතු කරගෙන යන බව ඔහු පවසයි.
ඇතැම් වාහන විවිධ ව්‍යාපෘති වෙනුවෙන් පවරා ඇත්දැයි සොයා බලාගෙන යන බව වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර සඳහන් කර ඇත.
(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart