May 20, 2026

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි බස් රථ රියදුරන් අට දෙනෙකු සහ කොන්දොස්තරවරයකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මගී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කළුතර දකුණ පොලිසිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ නිලධාරීන් සමඟ එක්ව ඊයේ (19) කළ විශේෂ මෙහෙයුමකදී මෙම පිරිස හඳුනාගෙන තිබිණි.

රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් යටතේ මෙම මෙහෙයුම සිදු කරන ලද බව පොලිසිය පවසයි.

වයස අවුරුදු 35ත් 57ත් අතර පසුවන සැකකරුවන් පයාගල, යටියන, දොඩම්ගොඩ, තෙබුවන, මීගහතැන්න සහ කළුතර දකුණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන් කළුතර දකුණ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතින බව පොලිසිය පැවසීය.