
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට බෞද්ධ භික්ෂූන් වහන්සේ පිරිසක් පැවැත්වූ විරෝධතාව අවසන් කර තිබේ.
අද (16) නිකුත් කළ අධිකරණ නියෝගයකට අනුකූලව විරෝධතා ස්ථානයේ ඉදිකර තිබූ තාවකාලික කූඩාරම් ඉවත් කර භික්ෂූන් වහන්සේ එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වේ.
කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන අද පෙරවරුවේ නිකුත් කළ නියෝගයකින් උලපනේ සුමංගල හිමියන් ඇතුළු 55 දෙනකුට ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රය තුළ රැඳී සිටීම තහනම් කර තිබිණි.
අධිකරණ නියෝගයට ගරු කරමින් විරෝධතාව සඳහා ඉදිකර තිබූ තාවකාලික ඉදිකිරීම් ඉවත් කිරීමට විරෝධතාවේ නිරත භික්ෂූන් වහන්සේ පියවර ගෙන තිබේ.
සිරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් පසුගිය බ්රහස්පතින්දා (15) සවස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට රැස්වීමත් සමඟ මෙම විරෝධතාව ආරම්භ විය.
එම භික්ෂූන්ගෙන් පිරිසක් රාත්රිය පුරාම එම ස්ථානයේ රැඳීසිටිමින් අද (16) දිනයේද විරෝධතාව අඛණ්ඩව පවත්වාගෙන ගොස් තිබිණි.
ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පරිශ්රයට ඇතුළුවීම වෙනුවට ගාලු පාරේ අනෙක් පස පිහිටි පදික වේදිකාවේ ඔවුන් රැඳී සිටි බවද වාර්තා වේ.
අධිකරණයේ මැදිහත්වීමෙන් අනතුරුව තාවකාලික කූඩාරම් ඉවත්කිරීමත් සමඟ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා පැවති විරෝධතාව මෙලෙස අවසන් වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart