
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන් ප්රාන්තයේ ප්රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් තිදෙනෙකු සහ ගුරුවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි. වයස අවුරුදු 16ක් වූ මෙම වෙඩික්කරු, අසල සිටි පුද්ගලයෙකු එල්ල කළ වෙඩි ප්රහාරයකින් පසුව මියගොස් තිබේ.
බෙන්ඩ් නගරයේ පිහිටි සිල්වර් රේල් ප්රාථමික පාසලට බ්රහස්පතින්දා පස්වරුවේ කඩා වැදුණු මෙම සැකකරු, එහි තිබූ දොරවල්වලට වෙඩි තබා අභ්යන්තරයට ඇතුළු වී ඇති බව පොලිසිය සඳහන් කරයි.
බෙන්ඩ් පොලිස් ප්රධානී මයික් ක්රාන්ට්ස් ප්රකාශ කළේ, පාසල තුළට ගිය වෙඩික්කරු පසුපස හඹාගිය ප්රදේශවාසී පුද්ගලයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් සැකකාර යොවුන් තරුණයා එම ස්ථානයේදීම මියගිය බවයි.
මෙම ප්රහාරයෙන් වයස අවුරුදු 5, 8 සහ 11 යන වයස්වල පසුවූ දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මීට අමතරව වයස අවුරුදු 7ක දරුවෙකු සහ 54 හැවිරිදි ගුරුවරයෙකු බරපතල තත්ත්වයෙන් රෝහල් ගතකර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය. ප්රහාරකයාට මෙම පාසල සමඟ යම් සම්බන්ධතාවක් පැවතියේද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.
“මෙම අපරාධය සම්බන්ධයෙන් අපි දැඩි ලෙස කම්පනයට පත්ව සිටිනවා,” යැයි ප්රදේශයේ අධ්යාපන බලධාරියෙකු වන ස්ටීවන් කුක් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. “අපගේ ජනතාව දැනට මුහුණ දී සිටින ශෝකය වචනයෙන් විස්තර කරන්න බැහැ.”
බෙන්ඩ් පොලිස් දෙපාර්තමේන්තුවේ ප්රකාශිකා ෂීලා මිෂෙල් මාධ්ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ප්රදේශයේ වේලාවෙන් පස්වරු 12:59ට පමණ සිල්වර් රේල් ප්රාථමික පාසලෙන් සක්රීය වෙඩික්කරුවෙකු පිළිබඳ පළමු හදිසි ඇමතුම ලැබුණු බවයි.
හඳුනා නොගත් පුද්ගලයෙකු තුවක්කුවකින් තමන්ගේ රථයට වෙඩි තබන බවට තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුගෙන් පළමු දුරකථන ඇමතුම ලැබී තිබූ අතර, සිද්ධිය වූ ස්ථානයෙන් ලැබුණු ඡායාරූපවල වෙඩි පහරවල් වැදී ඇති රතු පැහැති ට්රක් රථයක් දක්නට ලැබුණි.
ඊට මිනිත්තු කිහිපයකට පසුව, අදාළ ප්රහාරකයා පාසල තුළට ඇතුළු වී ඇති බවට 911 හදිසි ඇමතුම් අංකයට තවත් ඇමතුම් ගණනාවක් ලැබී තිබේ. පොලිසිය සඳහන් කරන්නේ ඔහු පාසලට ඇතුළු වීම සඳහා දොර අගුලුවලට වෙඩි තබා ඇති බවයි.
සිද්ධිය සිදුවන අවස්ථාවේ අසල සිටි පුද්ගලයෙකු මෙම අනතුර දැක ප්රහාරකයා පසුපස පාසල තුළට ගොස් ඔහුට වෙඩි තබා ඝාතනය කර ඇති බව පොලිසිය තහවුරු කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart