
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ගාලු මුවදොර වටරවුම දක්වා මාර්ග අවහිර කිරීමෙන් වළකින ලෙසත්, මුදල් අමාත්යාංශය, ශ්රී ලංකා මහ බැංකුව, ජනාධිපති මන්දිරය සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගවල හා අදාළ අධි ආරක්ෂිත කලාපය තුළ අඛණ්ඩව රැඳී සිටීමෙන් වළකින ලෙස මෙහි දැක්වෙන පුද්ගලයන් 54 දෙනාට අධිකරණය නියෝග කර තිබේ.
කොටුව පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, 1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්රහයේ 106(1) වගන්තිය ප්රකාරව මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව, 2026 ඔක්තෝබර් 16 වැනිදා පෙරවරු 6.00 සිට කොටුව දුම්රිය ස්ථානයේ සිට සෙරමික් හන්දිය දක්වාත්, එතැන් සිට එන්.එස්.ඒ. වටරවුම දක්වාත්, එතැන් සිට බාලදක්ෂ මාවත සහ ගාලු මුවදොර වටරවුම දක්වා වූ ගාලු පාරත් අවහිර නොකරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.
එමෙන්ම, අදාළ ප්රදේශවල රැස්වන පුද්ගලයන්ට පොදු හා පෞද්ගලික දේපළවලට හානි නොකරන ලෙසද නියෝග කර ඇත.
අපරාධ නඩු විධාන සංග්රහයේ IX පරිච්ඡේදයේ විධිවිධාන යටතේ මෙම නියෝගය නිකුත් කර ඇති අතර, එහිදී 106(1) වගන්තියේ ප්රතිපාදන විශේෂයෙන්ම සඳහන් කර තිබේ.
ඒ අනුව, පහත දැක්වෙන පිරිසට එරෙහිව මෙම නියෝගය නිකුත්කර ඇත.
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පුජ්ය ගලගොඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේට අධිකරණය මගින් සිර දඩුවම් ලබාදීම, උන්වහන්සේගේ සිවුර ගලවා සුදු පැහැති වස්ත්රයක් ඇන්දවිමට හා උන්වහන්සේට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා විවිධ බෞද්ධ විහාරස්ථානයන්හි විහාරාධිපති ස්වාමින් වහන්සේලා හා විවිධ දේශපලන පක්ෂ නියෝජනය කරමින් අඛණ්ඩව විරෝධතා කරුවන් සමග රැදි සිටින භික්ෂුන් වහන්සේලා :-
01 පූජ්ය උලපනේ සුමංගල හිමි -ගරු විදුහල්පති එකමුතුවේ කැදවුම්කරු
02 පූජ්ය විතාරන්දෙනියේ නන්ද හිමි – පුජ්ය බොදු බල සේනා සංවිධානයේ මහා ලේකම්
03 පූජ්ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි – සිංහලේ සංවිධානයේ මහා ලේකම්
04 පූජ්ය බලංගොඩ කාශ්යප හිමි
05පූජ්ය උමන්දාවේ සමන්ත බදු හිමි
06 පූජ්ය ලියන්නුවල ශාසනාරතන හිමි
07 පූජ්ය බහිරව කන්ද විහාරයේ ආනන්ද හිමි.
08 පූජ්ය වලවාහැන්ගුන වැවේ ධම්මරත්න හිමි – මිහින්තලේ රජමහා විහාරාධිපති
09 මහාචාර්ය පුජය මහින්ද සංඝරක්ඛිත හිමි – කැලණිය විහාරාධිපති
10 පූජ්ය අගුලුගල්ලේ ශ්රි ජිනානන්ද හිමි – බෞද්ධ
11 පූජ්ය අනුරාධපුර තිත්ත ගල්ලේ සද්ධාතිස්ස හිමි
12 පූජ්ය කොටපිටියේ ශ්රි රාහුල හිමි
13 පූජ්ය ඉත්තැ කන්දේ සද්ධාතිස්ස හිමි
14 පූජ්ය වක්වැල්ලේ උධිත හිමි – බෞද්ධ තොරතුරු මධ්යස්ථානයේ විධායක අධයක්ෂ
15 පූජ්ය ටැම්පිටියේ වනරතන හිමි – යටිනුවර උඩුනුවර භික්ෂු එකමුතුව
16 පූජ්ය බිබිල දෙනියේ ධම්මප්රිය හිමි
17 පූජ්ය ගලගම කුසලධම්ම හිමි
18 පූජ්ය අඹන්වල ඥානාලෝක හිමි
19 පූජ්ය මතුරට ධම්මාලෝක හිමි
20 පූජ්ය අකුරුස්ස අරිය සාගර හිමි
21 පූජ්ය මාගල්කන්දේ සුදත්ත හිමි
22 පූජ්ය අගලකඩ සිරිසුමන හිමි
23 පූජ්ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
24 පූජ්ය සීගිරියේ ධම්මරකිත හිමි
25 පූජ්ය හැඩිගල්ලේ විමලසාර හිමි
26 පූජ්ය බත්තරමුල්ලේ සීලරතන හිමි
27 පූජ්ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි
28 පූජ්ය විරකැටියේ දයාසිල හිමි
29 පූජ්ය පාතේගම ඥානේස්වර හිමි
30 පූජ්ය සන්සුන්ගම ඤානාරතන හිමි
ඛණ්ඩව විරෝධතා කරුවන් හා භික්ෂුන් වහන්සේලා සමග රැදි සිටින දේශපාලඥයන් :-
31 උදය ගම්මන්පිල – හිටපු පාර්ලිමේන්තු මන්ත්රි
32 විමල් විමල් වීරවංශ – හිටපු පාර්ලිමේන්තු මන්ත්රි
33 අනුරාධා යහම්පත් – නැගෙනහිර පාළත් හිටපු ආණ්ඩුකාර
34 සරත් වීරසේකර – හිටපු අමාත්ය
35 විශ්රාමික නි.පො.ප චන්ද්රා වාකිෂ්ඨ – සමස්ථ ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති
36 චන්න ජයසුමන – හිටපු පාර්ලිමේන්තු මන්ත්රි
37 සමන් රත්නප්රිය – හිටපු පාර්ලිමේන්තු මන්ත්රි
38 සංජීව එදිරිමාන්න – හිටපු පාර්ලිමේන්තු මන්ත්රි
39 ප්රසන්න රණවිර – හිටපු පාර්ලිමේන්තු මන්ත්රි
40 නීතිඥ මනෝජ් ගමගේ – හිටපු පාර්ලිමේන්තු මන්ත්රි
41 ජගත් කුමාර – හිටපු පාර්ලිමේන්තු මන්ත්රි
අඛණ්ඩව විරෝධතා කරුවන් හා භික්ෂුන් වහන්සේලා, දේශපාලඥයන් සමග රැඳීසිටින සිවිල් සංවිධාන ක්රියාකාරින් :-
42 දැකුම් දුලාර ගුණතිලක
43 ප්රභාත් මධුභෂණ රනහංස
44 අයිස්වර්යා ගුණරත්න අධිකාරි
45 දුලිකා – බොදුබල සේනා ක්රියාකාරිනි
46 නදුනි ගිග්මා – සමාජ ක්රියාකාරිනි
47 චානක බණ්ඩාර ගුණතිලක
48 කිත්සිරි රාජපක්ෂ
49 අභීත එදිරිසිංහ
50 අසේල සම්පත්
51 ජගත් හේමන්ත
52 ඩි.ජි. ප්රබුද්ධ
53 එස්.බි අතපත්තු
54 ඉහත අයවලුන් හා ඔවුන්ගේ සාමාජිකයන් හා සහාභාගි වන වෙනත් තැනැත්නන් වෙත
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart