
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමෙරිකාවේ චිකාගෝ නගරය ආසන්නයේ පිහිටි හින්දු කෝවිලකට ප්රහාරයක් එල්ල කිරීමට ආපන ශාලාවක මුදල් අයකැමියෙකු ලෙස හඳුනාගෙන ඇති සැකකරුවෙකු සිදු කළ බව කියන සැලසුමක් ව්යර්ථ කළ බව විමර්ශකයෝ පවසති.
ඊට සම්බන්ධ සැකකරු වන ඉලිනොයිස් ප්රාන්තයේ පැලැටයින් හි පදිංචි 19 හැවිරිදි ඇලෙක්සැන්ඩ්රොස් පැපොරාකිස් නමැත්තා, ත්රස්තවාදී තර්ජන එල්ල කිරීමේ චෝදනාවකට සහ නීති විරෝධී ලෙස ගිනි අවියක් ළඟ තබා ගැනීමේ චෝදනාවකට යටත්ව අධිකරණය හමුව ඉදිරිපත් කර තිබේ.
ඉකුත් ඉරිදා දින එල්ල කිරීමට සැලසුම් කර තිබූ මෙම ප්රහාරය පිළිබඳව පැපොරාකිස් විසින් මිතුරෙකු වෙත පණිවිඩයක් යවා තිබූ අතර, අදාළ මිතුරා විසින් වහාම ඒ පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඇති බව නිලධාරීහු පැවසූහ.
පැපොරාකිස් තමන් සුදු ජාතික ආධිපත්යවාදියෙකු ලෙස හඳුන්වා ගනිමින් සුදු නොවන ජනයා කෙරෙහි පවතින වෛරය පිළිබඳව ලියන ලද සටහන් කිහිපයක් ද සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
පැලැටයින් පොලිස් ප්රධානී විලියම් නොර්ඩ් ප්රකාශ කළේ, පැපොරාකිස්ගෙන් ලැබුණු කනස්සල්ලට පත් කරවන සුළු පණිවිඩ හුවමාරුවක් හේතුවෙන් සංවිධාන කරමින් තිබූ මෙම ප්රහාරය පිළිබඳව තමන්ට තොරතුරු ලැබුණු බවයි.
නීතිය ක්රියාත්මක කරන නිලධාරීන්ගේ අවධානයට මෙම කරුණ යොමු කිරීමට අදාළ පණිවිඩ ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කළ බව ද පොලිස් ප්රධානියා පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart