
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සයවන වරටත් සංවිධානය කරනු ලැබු කොළඹ ගුවන් කතිකාව 2023 ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ ආරාධනයෙන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් අද ගුවන් හමුදා රත්මලාන ඊගල්ස් ලේක්සයිඩ් උත්සව සහ සම්මන්ත්රණ ශාලාවේදී විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් අභිමානවත්ව ආරම්භ කරන ලදී.
“ඉන්දියානු සාගර කලාපයේ සාමුහික ගුවන් අමූණු වර්ධනය කර ගැනිම” තේමාව මුලික අරමුණ කරගනිමින් ආරමිභ කරනු ලැබූ මෙම විද්වත් සමුළුව සදහා එංගලන්තය, අමෙරිකා එක්සත් ජනපදය, කැනඩාව, ඉන්දියාව සහ චිනය ඇතුළු රටවල් රැසක් නියෝජනය කරමින් විද්වතුන් රැසක් සහභාගී වෙති.
මෙහි විශේෂ ආරාධිත අමුත්තන් ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරල් කමල් ගූණරත්න, විදේශ රටවල මහකොමසාරිස්වරු සහ තානාපතිවරු, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපතිවරයා, නාවික හමුදාපතිවරයා, විශ්‍රාමික ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිවරුන, ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ නිළධාරීහු සහ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිළධාරීහු, ඇතුලූ පිරිසක් සහභාගී වූහ.
අද ආරමිභ කරනු ලැබු මෙම විද්වත් සමුළුවෙ හෙට (ඔක්තෝම්බර් මස 10 වන) අවසන් විමට නියමිතව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart