
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොසොන් උත්සව සමයේ පුදබිම් වැඳපුදා ගැනීමට පැමිණෙන වන්දනාකරුවන් ඉලක්ක කර ගනිමින් විකිණීම සඳහා සූදානම් කර තිබූ කෘත්‍රිම (ව්‍යාජ) මී පැණි ලීටර් 580ක් අත්අඩංගුවට ගැනීමට වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමත්ව තිබේ.
වවුනියාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කළේ, ඊයේ (ජුනි 27 වැනිදා) සිදු කරන ලද හදිසි වැටලීමකදී මෙම ව්‍යාජ මී පැණි තොගය සොයාගත් බවයි.
මෙම කෘත්‍රිම මී පැණි නිවෙසක් තුළ නිෂ්පාදනය කර අනුරාධපුරය ඇතුළු විවිධ ප්‍රදේශවලට බෙදාහැරීමට කටයුතු කර තිබූ බව අනාවරණය වී ඇත.
වැටළීම සිදුකරන අවස්ථාවේදී, සීනි දියකර සකස් කරන ලද, මිනිස් පරිභෝජනයට නුසුදුසු කෘත්‍රිම මී පැණි අඩංගු ලීටර් 40 ප්‍රමාණයේ බහාලුම් (කෑන්) 7ක් නිලධාරීන් භාරයට ගෙන තිබේ.
මීට අමතරව ව්‍යාජ මී පැණි සකස් කිරීම සඳහා යොදාගත් මී රේණු සහ මී මැස්සන් විසින් ඉතිරි කර යන වෙනත් ද්‍රව්‍ය ද එහි තිබී සොයාගෙන ඇත.
විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, දිය කරන ලද මෙම සීනි පැණි බෝතල්වලට දමා, ඒවා සැබෑ මී පැණි ලෙස පෙන්වීම සඳහා බෝතලයේ උඩ කොටසට මී වද කැබලි ඇතුළත් කර ඇති බවයි.
පසුව මේවා අනුරාධපුර ප්‍රදේශයට ප්‍රවාහනය කර පොසොන් වන්දනාකරුවන්ට විකිණීමට සැලසුම් කර තිබේ.
මෙවැනි ව්‍යාජ නිෂ්පාදන අලෙවි කරමින් වෙළෙන්දන් පාරිභෝගිකයන් මුළා කිරීමට උත්සාහ කරන බැවින්, මෙම පොසොන් සමය තුළ මී පැණි මිලදී ගැනීමේදී අතිශයින්ම සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වන්දනාකරුවන්ගෙන් සහ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිති.
මෙම ව්‍යාජ මී පැණි නිෂ්පාදනය කළ බව කියන කාන්තාවකට එරෙහිව මේ වන විට නීතිමය පියවර ගෙන ඇති අතර, ඇය වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සුරේන්ද්‍රන් සහ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරීක්ෂක මෙජෙයා යන අයගේ උපදෙස් මත, නෙලුක්කුලම මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්. ඇන්ටන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැටළීම සිදුකර ඇත.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart