
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙම වසරේ මුල් මාස 07 තුළ පමණක් ශ්‍රී ලංකාව තුළ ළමා අපචාර සම්බන්ධ පැමිණිලි 5000කට අධික සංඛ්‍යාවක් ගොනුකර ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.
එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පවසන්නේ, ජනවාරි 01 වැනිදා සිට ජූලි 31 දක්වා කාලය තුළ ලැබී ඇති මුළු පැමිණිලි සංඛ්‍යාව 5456ක් බවයි.
පැමිණිලි 1296ක් ළමා හිංසනයන්ට අදාළ ව ද, පැමිණිලි 163ක් ළමුන්ට බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ද, පැමිණිලි 242ක් බරපතළ ලිංගික අපයෝජන පිළිබඳ ව ද ගොනුකර තිබේ.
සමාජ මාධ්‍ය සහ සයිබර් අවකාශය හරහා හිංසනයට අදාළව පැමිණිලි 110ක් ළමා ආරක්ෂණ අධිකාරිය වෙත ලැබී ඇති අතර ඉන් පැමිණිලි 76ක් ගැහැණු ළමුන් සම්බන්ධව ද, පැමිණිලි 31ක් පිරිමි ළමුන් සම්බන්ධව ඒවා බව ද සදහන් වේ.
ළමයි සිඟමනේ යැවීම සම්බන්ධයෙන් පැමිණිලි 196ක් ගොනුකර ඇති අතර වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් සහ නාගරික තදාසන්න ප්‍රදේශ වලින් බව වාර්තා සඳහන් කරයි.
අදාළ පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස දැනටමත් අදාළ පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart