
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වන අලි ජීවිත සුරැකීම මෙන්ම ග්‍රාමීය ජනතාවගේ දෛනික ජනජීවිතය සුරක්ෂිත කිරීම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අදාළ අමාත්‍යවරු හා නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (24) පස්වරුවේ පැවැත්විණි.
දිනෙන් දින ඉහළ යමින් පවතින වන අලින්ට සිදුවන හිරිහැර සහ ග්‍රාමීය ජනතාවගේ දෛනික ජීවිතයට සිදුව ඇති බලපෑම සම්බන්ධ වත්මන් තත්ත්වය මෙහිදී ජනාධිපතිවරයාගේ විමසීමට ලක්විය.
මෙහිදී නිලධාරීන් විසින් මේ සම්බන්ධව පවතින වත්මන් තත්ත්වය මෙන්ම ඊට විසඳුම් සෙවීමේදී දීර්ඝ කාලයක් තිස්සේ අදාළ ආයතන මුහුණදෙන ගැටලු පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානයට යොමුකරන ලදී.
මේ පිළිබඳව අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ, කුමන තත්ත්වයක් යටතේ වුවද වන අලින්ට සිදුවන හිරිහැර පිළිගත නොහැකි බවත්, ඒ වෙනුවෙන් කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන විසඳුම් සෙවීමට පියවර ගත යුතු බවත්ය. ග්‍රාමීය මට්ටමින් මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා, දේශපාලන අධිකාරිය සහ ජනතාවද සහභාගි කර ගනිමින් මෙම ගැටලුවලට නිසි විසඳුම් ලබාදිය යුතු බවද අවධාරණය කළේය.
ඒ වෙනුවෙන් දැනට පවතින මානව සම්පත් හිඟය මඟහරවා ගැනීමට සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයන් 5000ක් සහායකයන් ලෙස කඩිනමින් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයා විසින් අදාළ අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ රාජකාරි කටයුතුවලට අඩුපාඩුවක්ව පවතින වාහන සංචිත ප්‍රමාණය වැඩිකිරීමට උපදෙස් දුන් ජනාධිපති අනුර කුමාර දිසානායක, ඒ වෙනුවෙන් කැබ් රථ සහ යතුරුපැදි මිලදී ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙසද දැන්වීය.
මීට අමතරව ගම්මානවලට වන අලි ඇතුළු වීම වැළැක්වීම වෙනුවෙන් යෝජිත කිලෝමීටර් 800කින් සමන්විත ආරක්ෂක විදුලි වැට සහ අලි කොරිඩෝ 16 ප්‍රතිෂ්ඨාපන කටයුතු වෙනුවෙන් අවශ්‍ය සැලසුම් කඩිනමින් සකසා ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිවරයා විසින් උපදෙස් ලබාදෙන ලදී.
එමෙන්ම වනජීවී දෙපාර්තමේන්තුවේ සන්නිවේදන අකාර්යක්ෂමතා මඟහරවා ගනිමින් ජනතාවට සමීපව ඔවුන්ගේ ගැටලු සඳහා ප්‍රතිචාර දැක්වීමටත්, තොරතුරු ලබාගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස්කරන ලෙසත් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෙහිදී උපදෙස් ලබා දෙන ලදී.(PMD)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart