
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නීති විරෝධී ලෙස වාහන 400කට අධික සංඛ්‍යාවක් ආනයනය කරමින් දැවැන්ත සංවිධානාත්ම ජාවාරමක් පිළිබඳ ශ්‍රී ලංකා රේගුව, අල්ලස් කොමිසම සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මෙහිදී ව්‍යාජ ලිපි ලේඛනයන් යොදාගනිමින් වාහන ලියාපදිංචි කිරීම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ කර ඇති අතර මෙම ජාවාරම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇත.
අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ‘මිනි කූපර් ‘ වර්ගයේ මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී මෙම ජාවාරම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත.
මෙහිදී අංක KE-3845 දරන මෝටර් රථයට අදාළ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පර්ගණක පද්ධතියට ව්‍යාජ ලෙස ඇතුළත් කර රජයට රුපියල් මිලියන 2.5 යක අධික පාඩුවක් සිදුකර ඇතැයි පැවැසේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත කරුණු ඉදිරිපත් කළ අල්ලස් කොමිසම සඳහන් කර ඇත්තේ, මෙම වාහනය 2007 වසරේදී ව්‍යාජ ලේඛන යොදා ලංකාවට ගෙන්නට ලද්දක් වන බවත්, පසුව 2015 වසරේ ත්‍රිරෝද රථයක් ලෙස එය ලියාපදිංචි කරවා ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart