
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි ගස් 300කට අධික සංඛ්‍යාවක් ජනතාවට සහ දේපළවලට තර්ජනයක් විය හැකි බවට හඳුනාගෙන ඇති අතර, ඒ පිළිබඳව සොයාබලා එම තර්ජන වහා ඉවත් කිරීමට විශේෂ කමිටුවක් පත්කර ඇති බවද වර්තා වේ.
මේ සම්බන්ධව පත්කළ විශේෂ කමිටුව හරහා තක්සේරු වාර්තාවන් ලබාගැනීම සිදුකරේ.
ගස් කඩාවැටීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග සහ තදාසන්න ප්‍රදේශවල සිදුවිය හැකි උපද්‍රව අවම කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ (11) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දී පවත්වා තිබේ.
තදාසන්න ප්‍රදේශවල වඩාත් ගැළපෙන සහ ගුණාත්මක බවින් යුත් ගස් සිටුවීමට ක්‍රමවේදයක් සකස් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ආරක්ෂ අමාත්‍යංශය පවසයි.
එමෙන්ම තදාසන්න ප්‍රදේශයන්වල කඩාවැටීමේ අවදානම් සහිත ගස් හඳුනාගැනීම සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැනි ආයතනවලින් තාක්ෂණික සහාය ලබාගනිිමින් අධ්‍යනයක් කරන ලෙස ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරියාට උපදෙස් දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart